(ඩයනා උදයංගනී)
පසුගිය රජය සමයේදී කිසිඳු නව විදුලි බලාගාරයක් ඉදිනොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දිනකට රුපියල් කෝටි 25ක පමණ පාඩුවක් සිදුවන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
පසුගිය රජය සමයේ දී අඩු මිලට විදුලිය නිපදවිය හැකි ස්වභාවික වායු බලාගාර එකක් හෝ ඉදිකර තිබිණි නම් මෙම පාඩුව අවම කරගන්නට තිබිණි යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි බලාගාරයක් ඉදිකර තිබුණේ නම් රුපියල් 9, 10 වැනි මිලකට විදුලි ඒකකයක් නිපදවීමේ හැකියාව තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට ඩීසල් මගින් නිපදවන විදුලි ඒකකයක් ලබාගැනීම සඳහා රුපියල් 20ත් 30ත් අතර මුදලක් වැයකිරීමට මණ්ඩලයට සිදුවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.
එයින් සිදුවන දැවැන්ත පාඩුව හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව පසුගිය රජය ගතවූ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ඉදිනොකිරීම නිසා සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි ද ඇමති අමරවීර මහතා පැවසීය.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරයේ ද ඉදි කිරීම් මෙම වසරේදී ආරම්භ කිරීමට නියමිත බව කී ඇමතිවරයා එම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වන බව ද සඳහන් කළේය.
එබැවින් දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද අමරවීර මහතා කීවේය.
එහිදී විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිලා ඉපදිලා වගේ කතාව...
විදුලි බල මණ්ඩලේට පාඩු වුණාට අනික් අයට ලාබයිනේ. ඕක ඒ ගොල්ලන් කිසිම උනන්දුවක් නොගත්තේ නිකම්ම වෙන්න බැහැ. ඒ හින්දා ඕක ගණන් නොගෙන ඉඳිමු.
විදුලි බල ඇමති ලෙස වැඩි කාලයක් පසුගිය ආණ්ඩුවේ හිටියොත් ඔයාලගේ කෙනෙක්ම නේද?
ඒ කාලේ ඇමති රන්ජිත් සියඹලා පිටිය, එය තමයි සේවකයෝ 6000ක් දැම්මෙත්, ජනාධිපති සිරිසේන මහත්තයා, ඒ කියන්නේ ඒ ගොල්ලෝ වගකියන්න ඕනේ...
විදුලිබල ඇමති වෙලා කාලයක්ම හිටියේ චම්පික නේද? එයා විදුලි ඉංජිනේරුවෙක් නිසා ඕවා ඔක්කොම දියුණු කරන්න ඇති කියලයි මිනිස්සු හිතුවේ. අනේ මන්දා... හැමතැනම සල්ලි යටි මඩි ගහනවා විතරයි.
ගිය ආණ්ඩුවේ කැබිනට් එකේ ඔයත් හිටියනේ. ඔබට ඒක නිසා නිකම්ම අතපිහිදාගන්න බෑ. මිනිස්සු මැරිලා ඉපදිලා නෑ.
එතකොට තුමා ඔබතුමා මැරිලා ඉපදිලාද ඉන්නේ...? ඔය ඔක්කොම වගකියන්න ඕනෑ.
හරි සර්.. මම කරන්නම්.. මගේ වගකීමනේ..
ඔබතුමා ඔය ඇමතිකම අරගෙන දැන් මාස දෙකකට වැඩියි. නිල චාරිකවනුත්, වාර්තා ඉල්ලීමත් හැර වෙන මොනවද තවම කලේ? අපිටත් දැනගන්න කියන්න ඔබේ යාළුවා සියඹලාපිටිය මහතා විදුලිබල ඇමැති කාලේ අඩු ලංසුව ඉදිරිපත්කල ලක්දනව් සමාගමට නොදී චීන සමාගමකට දෙන්න තැත්කල කෙරවලපිටියේ තනන්නට සැලසුම්කළ විදුලි බලාගාරයට මොකද වුනේ කියා. මේක දැන් පටන්ගන්න බැරිද?
මේ හරක් ගැන කතා නොකර ඉම්මු. ඔය වගේ අදහස් තියෙනවා නම් ඇයි යෝජනාවක් නොදැම්මේ? තමුන්ග් ආණ්ඩුවක් නේ තිබ්බේ...? මේ අය තමයි අපහසුතාවයට පත්කරවන්නේ..
ඇමැතිතුමා, මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයක් යහපාලන සමයේ හැදුව නේද?
බලේට එන හැම කෙනාම හැමදාම කියන කතන්දර.. ඕවා වැඩක් නෑ. දැන්වත් වැඩක් කරලා පෙන්වන්න. ඔයාලාගේ විදුලි ඇමැති කෙනෙක්මනේ සෑහෙන කාලයක් හිටියේ...
නොරොච්චෝලේ දෙවන අදියර ගැන නොවෙයි, පුනර්ජනනීය විදුලි බල කෙරෙහි වැඩි අවධානයක් යොමුකරලා පුලුවන්නම් රටට වැඩක් කරන්න. එක එක්කෙනාගේ වැරදි කියා කියා ඉඳලා පලක් නෑ. එයාලා වැඩ නොකෙරූ නිසානේ ඔබලාට බලය ලැබුණේ. දැන් ඉතින් වැඩ කරලා පෙන්වන්න...
පුද්ගලික අංශය මැදිහත් වුණු හැමතැනම රාජ්‍ය අංශය දුර්වල කළ ලංගම විදුලි බල, ඛනිජ තෙල්, සෞඛ්‍ය අංශය, පාසල් වගේ ආයතන මීට හොඳම උදාහරණයි... රජයේ වැඩ පිළිවල ක්‍රියාත්මක නොකිරීමටත් මූලික යුතුකම පසුපසට දැමීමටත් දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද සුවිශේෂී කැමැත්තක් ඇති බව බැලූ බැල්මට පෙනේ.. හේතුව කුමක්දැයි ඔබ දන්නවා ඇතැයි සිතමි..
කාටවත් ඇඟිල්ල දික් කරකර ඉන්න එපා. වැඩකාරයාගේ ක්‍රමය ඒක නොවෙයි. තමන් වැඩ පටන්ගන්න අවුරුදු 5 ඇතුළත ඉවර කරන්න. ජනතාව ඒ වෙනුවෙන් ඔබට සලකාවි...
කොයි පැත්තෙන් හරි ඇමැතිකමක් ලැබෙනවා නම් මම ඒ පැත්තේ. මෙතුමාට දෙපැත්තේම රෙදි හොඳටම හෝදලා අත්දැකීම් තියෙනවා. තව තියෙනවා නම් කියන්න... හොඳටම හෝදනවා.
ඉතින් ඒවා ඔහේලගේ වැඩ නේද? කියව කියවා ඉන්නේ නැතිව කරන්න.