
(විමුක්ති එස් රැද්‍රිගු)
රාගම වැලිපිල්ලැව ප්‍රදේශයේ නිවෙස් හතරක් බිඳ එහි දේපොළ කොල්ල කෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
මෙම සැකකරැවන් නිවාස 4 කින් ලක්ෂ 30 කට අධික භාණ්ඩ කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී සැකකරුවන් පැහැර භාණ්ඩ අතර මැණික් ගල් 47 ,රැපියල් 65000 පමණ වටිනා අත් ඔරලෝසු, රැපියල් 45000 පමණ වටිනා මුදල් පසුම්බියක්, රත්තරන් මාල 3, ජංගම දුරකථන 2ක් ,රූපවාහිනියක් ,යතුරු පැදියක් සමග ලක්ෂ 30 පමණ වටිනාකමින් යුත් දේපල පොලිස් භාරයට ගැනීමට රාගම පොලිස් නිලධාරීන් සමත් විය .
මෙම සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අය දිනකට රැපියල් 5000 පමණ මත් ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී ඇති බව වැඩි දුර විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත.
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක භාවන්ත රාජකරුණා ,උප පොලිස් පරීක්ෂක යු.ඩි අබේරත්න , පොලිස් කොස්තාපල්වරුන් වන 27096 උපනන්ද ,78997 පෙරේරා , 79574 සඳුන් පොලිස් කොස්තාපල් රියදුරැ 33250 කුමාර යන මහත්වරැන් විසින් විමර්ශන කටයුතු සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවාස බිඳ මැණික් ගල් 47ක් ඇතුළු දේපළ කොල්ල කෑ දෙකක් මාට්ටු