(දසුන් රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත සේනාරත්න මහතා එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ඇතත් මේ වන තෙක් එම රෝහල රජයට පවරා ගැනීමක් සිදුවී නොමැති නිසා එම ඉල්ලීම කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (17) ප්‍රකාශ කළේය.
පාඩු පිට පවත්වාගෙන ගිය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජය මගින් නඩත්තු කරන බව පවසා අවිධිමත් කැබිනට් පත්‍රිකාවක් හරහා මාසිකව රුපියල් මිලියන 250 බැගින් එම රෝහලට ලබාදීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කර ඇතත් කිසිදු ආකාරයකින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදුවී නොමැති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
එම රෝහල රජය යටතේ පවත්වාගෙන යන මුවාවෙන් රාජිත සේනාරත්න මහතා විසින් නෙවිල් ප්‍රනාන්දු මහතා වෙත මහජන මුදල් රුපියල් බිලියන 7ක් දක්වා ලබා දෙනු ලැබ ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ව්‍යාපාරික කටයුත්තක් ලෙස පවත්වාගෙන යන එම පුද්ගලික රෝහල වෙනුවෙන් රාජ්‍ය මුදල් යෙදවීම වහාම නතර කර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් මෙම රෝහල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
2025 නොවැම්බර් මස 17
127
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2592
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි
Hafeel Monday, 17 February 2020 11:01 AM
එතකොට රාජපක්ෂ පාලන සමයේ මහින්ද මේ රෝහලට දීපු ණය අය කරන්න නැද්ද?