(ඩී.කේ.රත්න)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල සම්පත් කළමණාකරන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඇය නවාතැන් ගෙන සිටින ස්ථානයේ හිමිකරු පහර දුන්නේයැයි පැමිණිල්ලක් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
ශිෂ්‍යාව මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි අද (15) බදුල්ල පොලීසිය පැවසීය.
මෝදර ගිංතොට ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක ශිෂ්‍යාවක් මෙම නවාතැන් හිමිකරු විසින් පහරදීම නිසා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම ශිෂ්‍යාව නවාතැනට පැමිණෙන විට රාත‍්‍රිය වන බව පවසා නවාතැනෙහි හිමිකරු විසින් මෙම ශිෂ්‍යාවට නවාතැනෙන් පිටවන ලෙස පවසා තිබේ.
නවාතැනෙන් පිටවීමට නම් තමා විසින් නවාතැනේ රැදවුම් මුදල් ලෙස ලබාදී ඇති රුපියල් පන්දහසක මුදල ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේදී මෙම පහරදීම සිදු කර ඇතයි මෙම ශිෂ්‍යාව බදුල්ල පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම ශිෂ්‍යාවට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතයි බදුල්ල පොලීසිය පවසයි. බදුල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
COMMENTS
නවාතැන් හිමිකරුවන්ට ඇවසි ලෙසට විශ්ව විද්‍යාලයන්හි කාලසටහන් සකස්කරන්න කියලද මේ කියන්නේ.
දෙන්නම වැරදි. නවාතැනකට ඕනෙවට වඩා රෑ එන්නත් හොඳ නැහැ. ඒ වගේම කාරණාවක් නැතිව එහෙම එලවන්නත් බැහැ. අධ්‍යයන කටයුත්තක් නිසා පරක්කු වෙනවා නම් නවාතැන් හිමිකරුට දඬුවම් කරන්න ඕනේ. වෙන වෙන වැඩවලට ගිහින් පරක්කු වෙලා නම් ඉතින්...
නංගි, අපි දන්නවා ඔයාලගේ තරම ඔයාලගේ ඔය සරසවිය ඇතුලේ විතරක් තියාගන්න. ඒවා එළියට ගේන්න එපා.
සරසවි සිසුවිය හා හිමිකරු ගිවිසුම් පත්‍රයකට අත්සන් කර තිබේ නම් පමණක් (රාත්‍රී පැමිණිය යුතු වෙලාව සටහන් කර) සිසුවිය වරැදිකරුවේ. එසේ නොමැතිනම් පහර දීම සම්පූර්ණයෙන්ම වැරදියි. එසේම සිසුවියගේ "කී මනි" ඉල්ලා සිටිම සම්පූර්ණයෙන්ම නිවැරදි හා සාධාරණයි.
විභාගය ලංවනවිට තමා ඔක්කොම පාඩම් පටන් ගන්නේ. කොහොමත් රාත්‍රී ගමන් ගැහැණු දරුවන්ට අවදානම්. නවාතැන් හිමිකරුට ද වගකීම පැවරෙන නිසා දෙමාපියන් සමගින් ප්‍රශ්නය විසදගත්ත නම් හොඳයි. පහර දීම අනුමත කළ නොහැක.
කුමන හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට පහරදෙන්න කාටවත් බැහැ. ඒ නිසා මේක වරදක්.. අනෙක කාන්තාවකට පහර දීම..
කවුරුන් වුණත් නවාතැන් සොයා ගැනීමේදී දෙපාර්ශවයම අදාළ කරුණු ලිඛිතව සඳහන් ලියැවිල්ලක් නීතිප්‍රකාර තබා ගැනීම සුදුසුයි. රාත්‍රියේ සිසුවිය නවාතැනට ආවා කියා තඩිබෑම මහා විහිළුවක්. දියුණු රටවල සිසුන් දේශනාවලින් අනතුරුව රාත්‍රී අර්ධ කාලීන රැකියාවල නියුතු වෙනවා. අනෙක ඇතැම් දේශනවලින් අනතුරුව ළමයින් සාමුහිකව රාත්‍රී වෙනකම් පාඩම් කරනවා. අපේ රටේ ළමයින් වයස 18 පසුවත් මව්පියන් විසින් අතට පයට සියල්ල කර දී පුරුද්දට උගත්කම තිබුණට, සාමාන්‍ය සමාජ දැනීමක් ඇතැම් සිසුන්ට නැහැ. එහෙම තිබුණා නම් මුලදීම බෝඩිම් අයිතිකරුගෙන් නවාතැන පරිහරණයේදී ඇති සීමාවන් අසා දැනගන්න තිබුණා..
ගැහැණු ළමයෙක් ඕනෙවට වඩා රාත්‍රී ගමන් බිමන් යාම අනුමත කල නොහැකියි. ඒගැන ඕනෙම කෙනෙකුට සැක ඇති වෙනවා. එත් ඒක වරදක් උනත් පහර දෙන්න අයිතියක් බෝඩිම අයිතිකරුට තබා මවුපියන්ටවත් නැහැ.