IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාවික හමුදාව මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රා ත්‍රස්ථ සංවිධානයකටත් හවුල්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 10 සහ 11 යන දිනවලදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හා කලාපයේ ත්‍රස්ත සංවිධානයක් අතර සබඳතා පවතින බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

පාකිස්තානය කේන්ද්‍ර කරගිනිමින් ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තයිබා සංවිධානය හා එම බෝට්ටු අතර සබඳතා පවතින බව එම ආරංචි මාර්ගවලින් කියැවිණි.

ශ්‍රී ලංකා රජය හා නාවික හමුදාව සමඟ කලාපයේ රටවල් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා බවත් අදාළ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ද අසල්වැසි රටවල් තොරතුරු හුවමාරු කරගත් බවත් එම ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් දා 11 වැනිදා ඉරාන ජාතිකයන් 9 දෙනකු සමඟ හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 60ක් අත්අඩංගුවට ගත්තේය.

ඊට පෙර හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙක් ද නාවික හමුදා අත්අඩංගුවට පත්වූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම හා ත්‍රස්තවාදය අතර සබඳතා පවතින බවත් ත්‍රස්තවාදයට මූල්‍ය පහසුකම් සපයන ප්‍රධාන මාර්ගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවත් එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයට අනුව ලෝකයේ කංසා වගාවෙන් සියයට 86ක් සිදුවන්නේ ඇෆ්ගනිස්තානයේ වන අතර ඉන් වැඩි ප්‍රදේශයක් පවතින්නේ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ පාලනය යටතේය. 

 



අදහස් (2)

නාවික හමුදාව මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රා ත්‍රස්ථ සංවිධානයකටත් හවුල්

de silva Thursday, 18 July 2019 09:57 PM

මුන් එල්ලලා මැරුවේ නැත්නම් පුරවැසි මුන්ගෙන් අපිට මැරුම් කන්න වෙනවා

:       0       0

රවින් Friday, 19 July 2019 02:33 AM

ත්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය අතර සබඳතාවය පවතින්නේ අද ඊයේ සිට නොවේ. එල් ටි ටි ඊ එක සක්‍රියව පවතී සමයේ පවා මෙම සම්බන්දය පැවතුන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site