(පාලිත ආරියවංශ)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක නවකවදයට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් 10 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(12) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාංවශ මහතා නියෝග කළේය.
එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු මානසික පීඩාවට පත්වන අයුරින් නවක වදයට ලක් කර, පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් මොවුන් ඊයේ(11) අත්අඩංගුවට ගෙන තිබිණි.
1998 නවක වද වනත යටතේ සැකකරුවන්ට විරුද්ධව නඩු පවරන බව බදුල්ල පොලිසිය සඳහන් කරයි.
මෙසේ රක්ෂිත බන්ධනාරගත කෙරුණේ, රජිත් දුෂ්මන්ත ගාල්ලගේ, ජේ.දේශාන්, එම්.ඩී. ඩබ්ලිව් කේ.විජේසිරි, අරුණ කිත්සිරි, ධනුෂ්ක විජේවීර, දිලීප මධුවන්ත, ලක්ෂාන් රවිදු, කේ.එච්.චතුර මධුෂාන්, කේ.පී ජී අනුෂ්ක, කේ.එම්.ඩිලන්ත අනුර යන සිසුන්ය.
බදුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ත්‍රීවීල් පක්ෂේ කට්ටිය ආවේ නැද්ද ඇප ලබාදෙන්න? කලකට ඉහත පේරාදෙණියේ වධකාගාරයක් පවත්වාගෙන ගිය උන්මත්තකයින්ට මොකද වුනේ?
මේ අය නවක වදය නවත්වන්නේ නැත්තේ මෙවැනි අමනයින්ට දැඩි දඩුවම් නොදීම නිසයි. මෙවැන්නන්ට ශිෂ්‍යභාවය අවලංගු කොට, වසරක සිර දඬුවමක් නියම කළ යුතුයි.
නම් සදහන් කරපු එක ඉතා හොදයි.
මෙවන් අය තවදුරටත් ඇතුලෙම තබා ගැනීම පිලිබඳව පළමුව අප ගරු අධිකරණයට අපගේ ගරුත්වය පුදකරන්නෙමු. තවත් කෙනෙකුට වදයක් හිංසාවක් කල අයෙකු හෝ පිරිසකට කෙසේ සිසුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේද?