(ජමීලා හුසේන්)
තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය. ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
" පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන් වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“
“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.
(ඩේලි මිරර් ඇසුරිනි)
COMMENTS
ජාතකය වැරදි ඇත්නම් "එකා" සැමවිටම තමන් උපන් මව්බිම පාවාදීමට සැදී පැහැදී සිටින බව මෙම දේශද්‍රෝහී ස්ත්‍රියගේ ක්‍රියා කලාපයෙන් මනාවට පැහැදිලි වේ.
දැන්වත් තේරෙනවද ජාත්‍යන්තරය හසුරුවන්නේ කොහොමද කියලා හිටන්ලා වගේ හත්පොලේ ගාගන්නේ නැතුව... සිරා ඉන්නකොට මෙහෙම වුණා නම් මුළුපවුලම ස්විස් යවලා රජයෙන් වන්දිත් ගෙවලා බලෙන්ම ජාත්‍යන්තරයෙන් සමාවත් ගන්නවා. ගානියගේ හත්මුතු පරම්පරාවේ කවුරුහරි මරණ දඬුවමට ලක්වෙලා හිටියා නම් එ්කවත් නිදහස් කරනවා.. ජනාධිපති සමාව යටතේ අම්මපා..
අප හැමෝම බලාපොරොත්තුවෙන් හිටියා කොන්ද පණ තියෙන කෙලින් කතා කරන පිරිමියෙක් දැන් ලංකාව පාලනය කරන්නේ. එක එකාට ඕනේ දේවල් දැන් කරන්නේ නැහැ... ගෝඨා වගේ නියම සිංහයෙක් අපේ ජනාධිපති කියලා අපි හැමෝටම දැන් සතුටු වෙන්න පුළුවන්. ජයවේවා..!!!
තානාපති කාර්යාලයේ ඔක්කෝටම අවවාද කරන්න වෙයි වගේ...
මේ ගෑණු මනුස්සයා ස්විස්වලට පැනලා ගියා නම් මේ වනවිට නොබෙල් තෑග්ගක් ගන්න තිබුණා... කාන්තා අයිතිය වෙනුවෙන් සටන් කළා කියලා වෙලාවට ප්ලෑන් එක කඩවුණා.
තානාපති හිතනවා ඇති අනේ මංගල හිටියා නම් කියලා. පව් නේද? තානාපති උන්නැහේ මේ ජනාධිපති කොන්දක් තිබෙන කෙනෙක්. නිවටයෙක් නොවෙයි. එ්ක මතක තියාගන්න.
එහෙම කියන්න බැහැනේ. ස්විස් තානාපති කාර්යාලය කතා කරන්නේ ස්විස් ජාතිකයෙක් වෙනුවෙන් නෙමෙයි. ශ්‍රී ලාංකිකයෙක් වෙනුවෙන්. පිටරට තියෙන ලංකාවේ තානාපති කාර්යාලවල සමහර අපේම තානාපතිවරු සහ තානාපති නිලධාරීන් තමන්ගේ පහළ නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටි අවස්ථා ගැන මට උදාහරණ දෙන්න පුළුවන්. ඔවුන් හිරිහැරයට පළිගැනීම්වලට ලක් කළ අවස්ථා වගේම ඔවුන් කරදරයට පත්වූ අවස්ථාවල වින්දිතයා වෙනුවෙන් පෙනී නොසිට වැරදිකාරයාගේ පැත්ත ගත්ත අවස්ථා තියෙනවා. එහෙම වෙලාවක තමන්ගේ ලෝකල් සේවිකාවක් වෙනුවෙන් ස්විස් ආණ්ඩුව කතා කරන එක අපේ අයටත් ආදර්ශයක්... තමන් නිවැරදි නම් මේ කාන්තාව වෙනුවෙන් කවුරු පෙනී හිටියත් බය වෙන්නේ මොකටද? අනිත් එක මුළු ලෝකයම බලා හිටපු ජනාධිපතිවරණයක් ඉවර වෙලා සතියක් යනකොට මහා බලගතුයි කියන ජනාධිපතිවරයෙක්ට සහ ආණ්ඩුවකට විරුද්ධ විශාල බොරුවක් ගොතලා කියන්න මීටකලින් කවුරුවත් දන්නේ නැති ද්‍රවිඩ කාන්තාවක් ඉස්සරහට ආවා කියන එක පිළිගන්වන්න සෑහෙන්න අමාරු වෙයි.
සුළු බලයක් තියෙනකොට රටේම නායකයා කියලා හිතන් ඉන්න වැඩකරපු කට්ටියට මේවා හොඳ පාඩම්.. දැන් ඇත්තටම රටේම නායකයා වැරදි හදාගෙන වැඩකරන්න ගත්තට පරණ පව් එළියට එනවා. රජකම් කළත් කළ පව් පලදෙනවා. රටට ලොකු කැළලක්... මේ පසුගිය පැහැරගැනීම්වලින් සිදුවුනේ මාධ්‍යවේදීන් නැතිවුණු අවස්ථාවේ ගෝඨාගෙන් ප්‍රශ්න කරනකොට මිනිස් ජීවිත ගැන අඩු තක්සේරුවකින් කතා කෙරුවේ... නමුත් මේ කාන්තාව එම ආයතනයේ සේවිකාවක් පමණයි. මේ නිලධාරින් කොපමණ ආදරේද බලන්න මනුස්සකම... ලොකු, පොඩි කවුරුත් වැරදි කරනවා බලයට අවනීතිය තියෙන්නේ ලංකාවේ...