(ටෝනි කරුණානායක)
නිරෝධායන ඇඳිරි නීතියට අභියෝග කළ ගම්පහ ඔසුසල් හිමියා නිරෝධායන රෙගුලාසි ප්‍රකාර වන නියමයන් උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතියට අකීකරුවීම යන චෝදනාවන් දෙකට අද (06)අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔසුසල් හිමියාට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා රුපියල් 11,500ක දඩයක් නියම කළේය.
ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි හේවා දේවගේ නලින් දර්ශන නැමැති ඔසු සල් හිමියාට මෙසේ දඩ නියම විය.
විත්තිකරු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ ඔසු සලක් පවත්වාගෙන යමින් ඖෂධ අලෙවි කර තිබූ අතර පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව සැකකරු නීතිඥ මගින් නිරෝධායන ඇඳිරි නීතිය පිළිපැදීම ප්‍රතික්ෂේප කර තිබුනි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉකුත් මැයි මස 11වැනි දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට වාචික සහ ලිඛිතව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට ගම්පහ මහේස්ත්‍රාත් තීන්දු කිරීමෙන් අනතුරුව නඩුව අද (06)ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව සැකකරු නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලයේ දී සිදු කළ වරද සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙසේ විත්තිකරුට දඩ නියම කළේ ය.
2025 දෙසැම්බර් මස 30
10
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායන නීතියට අභියෝග කළ ඔසුසල් හිමියාට දඩ
Namal Monday, 06 July 2020 01:59 PM
ගොඩක් නිරෝධායන නීති නම් ගොබ්බ ඒවා තමයි.
සෑම් Monday, 06 July 2020 03:14 PM
එතකොට නිරෝධායන නීති දිනපතා දිගින් දිගටම කඩකරමින් සිටින ජනාධිපතිට, අගමැතිට ඔවුන්ගේ චක්ගෝලයින්ට නඩු නැද්ද? අජිත් රෝහණලා මේවා දකින්නේ නැත්තේ ඇයි? පුදුම අසාධාරණයක් රටේ තියෙන්නේ.
kamal Tuesday, 07 July 2020 04:42 AM
මේ විදිහට රටේ ඉහළම තැනින් වතුර බස්සවන නීතිය තියෙනකම් අපේ රට හැමදාම දිනුම්...