IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා

(කාංචන කුමාර ආරියදාස)

නිවසේ නිරෝධායනයට ලක්කර  සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු සිය වෙළඳසැල විවෘත කරගෙන වෙළඳාම් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී අනුරුද්ධ  බණ්ඩාරනායක මහතා පැවසීය.
 
පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ සබඳකම් පවත්වා තිබියදීත් එම පියාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස තමන් නියෝග කළ බව බණ්ඩාරනායක මහතා පැවසීය.
 
පසුව එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් තමන්ට තොරතුරක් ලැබී තිබුණේ මෙම පොලිස් සැරයන්වරයා නිවසේ ඇති තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කරන බවය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු කණ්ඩායමක් එම පොලිස් සැරයන්වරයාගේ නිවසට පරීක්ෂාවට යැවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට යන විට පොලිස් සැරයන්වරයා වෙළඳසැලේ භාණ්ඩ අලෙවි කරමින් සිට ඇති බව අනාවරණයවී තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා තවත් දින 14 ක් පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ලක් කරමින් වෙළඳසැල ද වසා දැමීමට නියෝග කොට තිබේ.
 
මෙම පොලිස් සැරයන්වරයා සිදුකර ඇති බරපතල නිරෝධායන නීති  විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරවන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවරූ බව පොලිස් අධිකාරි සඳහන් කළේය.
 
ඊට අමතරව රාජකාරි මට්ටමින්ද මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව විනය පරීක්ෂණ  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය .



අදහස් (1)

නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා

අබිලින් Monday, 16 November 2020 02:21 AM

ඉතින් මොකේදැයි දන් වළඳන්නේ... තිබුණු පාත්තරේ කොස්ඇට බැද්දේ. එහෙම නැත්නම් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව... කියලා කියන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2075 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site