IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නොරොච්චෝලේ අක්‍රීය වී තිබූ යන්ත්‍රය පිළිසකර කෙරේ

(ඩයනා උදයංගනී)

හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය අලුත් වැඩියා කර අද (25) යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යෙදවූ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.

මෙම විදුලි උත්පාදන යන්ත්‍රයෙන් අද (25) පස්වරුව වන විට මෙගාවොට් 100 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරමින් තිබූ බවත් එය ක්‍රමානුකූලව උපරිම විදුලි උත්පාදන ධාරිතාව වන මෙගාවොට් 300ක් නිපදවීමේ තත්ත්වයට  පත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු බලාගාරය බිඳ වැටුණු අවස්ථාවේදී මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඒ ගැන සොයාබලා කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව එම නිලධාරියා කීවේය.

එම බලාගාරයේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට නැතැයි ද හෙතෙම කියා සිටියේය.

බලාගාරයේ විදුලි උත්පාදන යළිත් ක්‍රියාත්මක බැවින් පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

 

 



අදහස් (5)

නොරොච්චෝලේ අක්‍රීය වී තිබූ යන්ත්‍රය පිළිසකර කෙරේ

Nuwan Tuesday, 25 February 2020 01:00 PM

අයියෝ සල්ලි.

:       1       16

de silva Tuesday, 25 February 2020 07:55 PM

මේවා ඉදිකරලා අවුරුදු 10ක් වත් නැහැ. දිගින් දිගටම මේ විදිහට අක්‍රීය වෙන්නේ මොකද? මේකට විරුද්ධව ඉදිකරපු සමාගමට විරුද්ධව නඩුමගට බැහැලා අලාභ ඉල්ලා ගන්න බැරිද...?

:       0       1

Perera Wednesday, 26 February 2020 12:18 AM

නොරොච්චෝලේ හදපු දා පටන් කරච්චලේ...

:       0       1

රවින් Wednesday, 26 February 2020 02:03 AM

ඒකත් කොමිස් කාකන්ගේ ගේමක්ද ? අපිට දැනගන්න ලැබුණු විදියටනම් ඔය බලාගාරය නිවෙන්නම සෑහෙන දවසක් යනවා. ඇමතිතුමා සොයා බැලුවා ඉක්මනටම දෝෂය නිවැරදි කළා කියන්නේ? ඒ කියන්නේ ඇමතිගේ පඩුපුල් ආසනේ රත් උනා බලාගාරේ ඉක්මනින්ම නිමුනා. හරි........... ෂෝක් නේද අනේ.....

:       0       4

Lokka Wednesday, 26 February 2020 02:46 AM

වාතය විෂ කරනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site