IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


නායයාමෙන් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගය වහයි

(ඩී.කේ.රත්න)

වැලිමඩ  ලූනුවත්ත  හරහා  උඩුපුස්සැල්ලාව දක්වා ඇති ප්‍රධානතම මාර්ගයට ගම්පහවත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම නිසා අද(14) එම මාර්ගය වසා දමා ඇති බව ඌව පරණගම පොලිසිය පවසයි.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

වැලිමඩ සිට ලූනුවත්ත හරහා කර්කිල්ස් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ.  ගම්පහවත්ත ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා මෙම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

නායයාමත් සමග  විශාල ගල් කැබැලි  මෙම මාර්ගයට මතට පතිත වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව තිබේ.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ඌවපරණගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පරීක්ෂා කර තීරණයක් ගන්නා තුරු එම ස්ථානයෙන් ගමන් කිරීම අවදානම් බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මෙම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවීමෙන් උඩුපුස්සැල්ලාව, කර්කිල්ස්, ගම්පහවත්ත, රාගල, ලූනුවත්ත, පන්නලවෙල ආදී ප්‍රදේශවලට ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්නයි ඌව පරණගම පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

නායයාමෙන් වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site