IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නන්පෙරියල් - නැග්රැක් මාර්ගයේ වසා දැමූ කොටස විවර කරන්නැයි දන්වයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

බලන්ගොඩ, නන්පෙරියල් හරහා නැග්රැක් දක්වා ඇති මාර්ගයේ කොටසක් සඳහා නන්පෙරියල් තේ වතු සමාගමක් යොදා ඇති මාර්ග බාධකය ඉදිරි දින කිහිපය තුළ වහාම ඉවත් කරන්නැයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දුමේෂ් රන්කන්ද මහතා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට දැනුම් දුන් බව එහි සභාපති ශ‍්‍රී ලාල් සෙනරත් මහතා අද(9) පැවසුවේය.

පසුගියදා රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවවේදී කළ නියෝගය අනුව තුළ එය ඉවත් කර මාර්ගය විවර කරන බව සෙනරත් මහතා කීය.

බළන්ගොඩ දෙසින් ලෝකාන්තයට පාගමනින් යා හැකි මාර්ගය වැටී ඇත්තේ මෙම නන්පෙරියල් හරහාය. කොළඹ බදුල්ල ප‍්‍රධාන පාරේ බදුල්ල දෙසට යද්දී නන්පෙරියල් හන්දියෙන් දකුණු පසට ඇති පාරේ නන්පෙරියල් තේ කර්මාන්ත ශාලාව අසළ මෙම ගෙට්ටුව යොදා ඇත.

සබරගමු පළාතේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයද පිහිටා ඇත්තේ එතැන් සිට කිලෝමීටර් හයක් පමණ දුරිනි. එම මාර්ගය සබරගමු පළාත් සභාවේ අරමුදල් ඇතිව ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාව විසින් අලුත්වැඩියා කරටයුතු කළ ද, අදාල වතු සමාගම සිය ආධිපත්‍ය පතුරුවමින් මාර්ගයේ වාහන සහ පයින් ගමනාගමනයට ඉඩ නොදෙයි.

බලන්ගොඩ  දෙසින් නැග්රැක් දක්වා සහ එතැන් සිට ලෝකාන්තය තෙක් ගමන්කරන සාමාන්‍ය ජනතාවට, දෙස් විදෙස් සචාරකයන්ට නන්පෙරියල් තේ කර්මාන්ත ශාලාවෙන් ඉදිරියට යාමට අවසර නොලැබිණි.
මේ සම්බන්‍ධයෙන් පසුගියදා පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටුවට ශ‍්‍රීලාල් සෙනරත් සභාපතිවරයා කළ කරුණු දැක්වීම අනුව වහාම එම ගේට්ටුව ඉවත්කර පොදු මහජනතාවට බාධාවකින් තොරව එම මාර්ගය භාවිත කිරීමට අවසථාව සැලසීමට ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවට නියම කළේය.

මේ සම්බන්‍ධයෙන් ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභා සභාපති ශ‍්‍රීලාල් සෙනරත් මහතා මෙසේ කීය.

“මේක මිනිස්සුන් අපහසුතාවට පත්වුණ බරපතල කාරණාවක්. පාර අයිති ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවට. වත්ත මැදින් පාර ගියාට නඩත්තු කළේ රජයෙන්. මේ යන්නේ පොදු ගම්මානයකට. ගමේ වැසියන්ට පහසුකම් රජයෙන් දෙන්නේ. ගමේ ළමයින් වෙනුවෙන් නන්පෙරියල්වල ඉස්කෝලේ නේවාසිකාගාර හදලා නැවතී ඉගෙන ගන්න පහසුකම් දීලා තියනවා. ගමට සෞඛ්‍ය සේවාව සපයන්නේ  සබරගමු පළාත් සභාවෙන්. අනෙකුත් මූලික පහසුකම් විදුලිය ආදී ඒවා දීල තියෙන්නේ රජයෙන්.

වතු සමාගම ගේට්ටුවක් දාලා යන්න දෙන්නේ නෑ. එතනින් ලෝකාන්තයට පයින් යන දෙස් විදෙස් සංචාරයකයන්ට අවස්ථාව නෑ. පරිසරයේ රස විඳින්න නැග්රැක් දක්වා ගිහිං එන්න අවස්ථාව නෑ. මේ රටේ වෙන කොහේවත් මෙහෙම නැතුව ඇති. මාධ්‍ය මගින් මේ තත්ත්වය අවස්ථා ගණනාවකදී හෙළිදරව් කළා. නමුත් ගේට්ටුව ඉවත් කෙරුණේ නෑ.

රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමට මම මේ ගේට්ටුව ඉවත්කරන යෝජනාව දැම්මා. ඒකට අනුමැතිය ලැබුණා. ඉදිරියේ දිනක අපි ගේට්ටුව ඉවත් කරනවා. පහළින් ගේට්ටුවක් දාලා ඉහළට යන වාහන පාලනය කරනවා. දැනට නන්පෙරියල් දක්වා පොදු මගී බස් සේවයකුත් ක‍්‍රියාත්මකයි. මේ ගේට්ටුව තියෙන්නේ බස් එක නවත්වන නන්පෙරියල් ශ‍්‍රී විවේගානන්ද විද්‍යාලයට ඉහළින්.

මේ පාරේ යනකොට හමුවන බේකර්ස් වංගුව දර්ශනීය තැනක්. එතන ඉඳලා පහළ බැලුවම සමනලවැව, වළව මිටියාව පේනවා. නැග්රැක්වලට ගියාමත් එහෙමයි. පරිසරයේ දේශගුණික වෙනස්කම් අත් විඳින්න හොඳ කලාපයක්. මිනිස්සුන්ගේ අයිතිවාසිකම්වලට බාධාකරන්න වතු සමාගම්වලට  ඕනෑ  ඕනෑ හැටියට කරන්න ඉඩ දෙන්න බෑ. වත්ත බද්දට දුන්නට පරිසරයවත්, ස්වභාවික සුන්දරයත්වයවත් බදු දීලා නෑ. පාලනාධිකාරිය ඒ බව දැනගත යුතුයි.

මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ, වනසංරක්‍ෂණ දෙපර්තමේන්තුවේ ඉඩම් තියනවා. ඒ අය එක්ක සාකච්ඡා කරලා නැග්රැක් පැත්තෙන් ලෝකාන්තය නරඹන්න ඇතුලූවෙන මාර්ගය විධිමත්ව සංවර්ධනය කරලා අවසර පත් නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් හදනවා. එතකං නැග්රැක් දක්වා  ඕනැම කෙනෙකුට යන්න පුලූවන් විදියට මාර්ගයේ ඇති බාධකය ඉවත් කරනවා’ යැයිද ශ‍්‍රීලාල් සෙනරත් සභාපතිවරයා පැවසීය.



අදහස් (3)

නන්පෙරියල් - නැග්රැක් මාර්ගයේ වසා දැමූ කොටස විවර කරන්නැයි දන්වයි

Nimal Thursday, 09 January 2020 06:12 PM

මම සති කීපයකට කලින් ගියා, ඔය ගේට්ටුව වහලා යන්න දුන්නේ නෑ. පින්සෙණ්ඩු වෙලා බලන්නම ඕනෑ නිසා 100 දීලා ගේට්ටුව ඇරගත්තා. බලංගොඩ පොලිස්පතිගේ අණ පරිදි කියලා එ් ඇතුල් වීම තහනම් කියන බෝඩ් ගලවලා දාන්න.

:       0       2

R d k ranasinghe Wednesday, 06 January 2021 10:22 AM

සූරිය කන්දේ පිහිටි ඉත්තෑකන්ද ගම මැදින් මෝනින්සයිඩ් නමැති සුන්දර ප්‍රදේශයට යාමට අතීතයේ සිට තිබුණු මාර්ගයද වතු සමාගමේ අය විසින් අවහිර කරලා. මේ පිළිබඳ බලධාරින්ගේ අවධානය පිණිස මෙය ඉදිරිපත් කරමි.

:       0       0

සමන් චතුරංග Tuesday, 04 October 2022 04:52 PM

තවම එම මාර්ගය විවෘත කර නොමැති අතර ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 240 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site