
මැදපෙරදිග කලාපයේ යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අද (22) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වෙයි.
පසුගිය දා අත්සන් කරන ලද ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වේ.
සාකච්ඡා සඳහා අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන්ට අමතරව, දෙපාර්ශවය අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මැදිහත් වූ පාකිස්තානය සහ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ද සහභාගී වීමට නියමිතය.
ඉරාන කතා නායක, ඇමෙරිකා උප ජනාධිපති ජේඩි වැන්ස් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදාපතිවරයා ද මේ වනවිට ස්විට්සර්ලන්තයට පැමිණ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd