
(චාපා මධුභාෂිණී සහ ඩබ්ලිව්.ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ - මැදිරිගිරිය මාර්ගයේ හිඟුරක්ගොඩ සී.අයි.සී ගොවිපලට අයත් ලඳු කැලෑ කුට්ටියක පුරාවස්තු සෙවීමේ අරමුණින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 හිඟුරක්ගොඩ පොලිසිය විසින් පසුගිය 12 දින අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරුවන් සිව්දෙනා කවුඩුල්ල, සංසුංගම සහ උණගලාවෙහෙර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ වූ බව කියන සැකකරුවන් අත්අඩංගවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී නයිට්‍රික් අම්ල, සාන්ද්‍ර සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලෝරින්, හයිඩ්‍රොක්ලෝරික් යන අම්ල අඩංගු බෝතල් කිහිපයක්, ග්‍රිල් මැෂින් ඒකක්, මිටි1, මීටර් 100 සහ මීටර් 75 දිග වයර් රෝල් 2, සාම්බ්‍රාණි, මැටි පහන්, නූල් බෝල, උදලු 1 සහ සැකකරුවන් පැමිණි බව කියන මොටර් රථයක් හා යතුරුපැදි 2 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී දිවයිනේ වටිනා පුරා වස්තූන් ඇති බවට සැක කෙරෙන ස්ථාන රැසකගේ වීඩියෝපට 50 වැඩි ප්‍රමාණයක් විමර්ශනයන්හිදී නිළධාරීන් විසින් සොයාගෙන ඇත.



COMMENTS