IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


නිදහස් උත්සවයේ පෙළපාළිය අඩු කරන්න පියවර

(නාලක සංජීව දහනායක)

 

72 නිදහස් දින සැමරුම් උත්සවයේ පෙළපාළියට සහභාගී වන පිරිස මෙවර 30% කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයේ තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් යොදා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

සුරක්‍ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ නිදහස් දිස සැමරුම පැවැත්වීමට ද ඒ සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර ඇත.

එමෙන්ම මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම, රථවාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු සිදුකිරීම කෙරෙහි සියලූම දෙනාගේ අවධානය යොමුවිය යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

එමෙන්ම ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රටපුරා සෑම නිවසකම එකම මොහොතකදී ප‍්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් පියවර ගන්නා ලෙසද අග‍්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.

තම ජීවිතය නොතකා අනෙක් අයගේ ජීවිත බේරාගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාළියට එක්වීමට අවසර ඉල්ලා තිබූ අතර එම ඉල්ලීමට අවසර දීමට ද රජය තීරණය කර ඇත.



අදහස් (7)

නිදහස් උත්සවයේ පෙළපාළිය අඩු කරන්න පියවර

banda Sunday, 05 January 2020 10:15 AM

පෙළපාලි වල අනුන්ගෙන් මිලදී ගත් පරණ අවි ආයුධ පෙන්වන එකත් නවත්වන්න..

:       252       150

DilanSunday, 05 January 2020 10:57 AM

එහෙම නම් නිදහස් දින පෙළපාලි වලදී ආයුධ පෙන්නන්න පුළුවන් ආයුධ නිෂ්පාදනය කරන රටවල් කීපයට විතරයි.

:       46       364

BamunuarachchiMonday, 06 January 2020 11:44 AM

බණ්ඩාගේ මැටි කතා නේද ?

:       1       0

BamunuarachchiMonday, 06 January 2020 11:50 AM

මට මතක් වෙන්නේ යමන් බණ්ඩෝ වෙසක් බලන්න කියපු සින්දුව අදහසුත් ඒ සින්දුවටම ගැලපෙනවා.

:       1       0

මෝ Sunday, 05 January 2020 11:21 AM

නියම අදහසක් බණ්ඩෝ... මෙදාපාර ඉඳලා කැති, පිහි, මන්නා, දෑකැති, කඩු, කිනිසි, පොරොව, කෙටේරි සහ ගල්කටස් තුවක්කු දීලා ත්‍රිවිධ හමුදාව පෙළපාලියේ යවමු.

:       1       68

hemantha Monday, 06 January 2020 08:10 AM

අපරාදේ ලැප්ටොප් ඩාන්ස් එක මේ පාරත් බලන්නයි හිටියේ! යහපාලනේ කට්ටිය එන්නේ නැතිවෙයි එයාලා හඳුන්වා දුන් ඩාන්ස් එක නැතිව.

:       1       0

BamunuarachchiMonday, 06 January 2020 11:47 AM

ඇයි ආජතපර ලායිළා, බීජි තපර ලායිළා සින්දුව? අනේ මෙහෙමත් ගොන් රැලක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site