(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ මහාචාර්ය රාහුල අතලගේ , විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ය.
විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදී විදුලිබල මණ්ඩලය ඉකුත්දා 03 වැනිදින රටපුරා ප්‍රදේශ රැසක පැය දෙකක විදුලිය කප්පාදුවක් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩු දෙකටම තියන්නේ එකම විසඳුම් කමිටු පත් කිරීම්... ඔතැනින් ඉවරයි.
විදුලිබලය ඉල්ලුම ජනනයට වඩා ඉහළ යන අවස්ථාවේ සමහර පැතිවලට විදුලිය විසන්ධි නොකළොත් සියලුම ජනන යන්ත්‍ර අක්‍රීය වෙනවා.
දැන් කමිටු දදා හිටියම ඒ නැතිවෙච්ච පැය දෙක මිනිස්සුන්ට ලැබෙනවද?
බලශක්ති අමාත්‍යාංශයේ මහත්වරුනි..! ඔබතුමන්ලා රටේ මිනිස්සුන්ට විහිලු සපයන්නේ නැතුව ඔබලාගේ වැඩක් බලාගෙන ඉන්න... විදුලිය කැපුවද කියලා රටේ මිනිස්සුන්ට දැන් මතකත් නැහැ...!