(තරිඳු ජයවර්ධන)
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මාර්ගෝපදේශ ගැන සැලකිලිමත් වී කටයුතු කිරීමට සියලු පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව උපදෙස් දී තිබේ.
පසුගිය කාලයේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් රැසක් වාර්තාවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මාර්ගෝපදේශ පොලිසියට යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ විශ්වාසනීය තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සැකයක් මත මිස අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා වැරදි සොයා යායුතු නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවලින් අවධාරණය කර තිබේ.
අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකම නිසි විමර්ශනයක් අනුව සාධාරණ සැකයක් ඇති කිරීමට හැකි ස්ථිර සාක්කි තිබීම වැදගත් වන අතර අත්අඩංගුවට ගැනීම හුදෙක් ප්‍රවාදක සාක්කි මත පමණක් පදනම් විය යුතු නැති බව ද එම කොමිෂන් සභාව සිය මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.
එක් එක් සංස්කෘතිය පදනම් කර ගනිමින් ආගමික සංකේත හඳුනා ගැනීම හෝ එම සංස්කෘතියට අදාළ භාෂාවන්ගෙන් ලියා ඇති වදනක අන්තර්ගතය හඳුනා ගැනීම වැනි කරුණුවලදී ගැටළු ඇති විට ඒ පිළිබඳ විශේෂඥ මතයක් ලබා ගත යුතු බව ද සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ද දක්වා තිබේ.
එම මාර්ගෝප දේශ සහ නඩු තීන්දුව ගැන ඇතුළත් වාර්තාවක් සියලු පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස දැනුම් දෙමින් වැඩබලන පොලිස්පතිවයා විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන මානව හිමිකම් නිර්දේශ පොලිසිය පිළිගනී
kolam boss Thursday, 29 August 2019 04:55 PM
ක්‍රමය නම් දියුණු රටක ක්‍රියාත්මක වන ක්‍රම වේදයයි. නමුත් අපේ රටේ මේක කරන්න පුළුවන් වෙයිද කියා සැකයි .ඔබ දන්නවද නිල ඇඳුම ඇඳගෙන සිටින නිලදාරියෙක් සමග සාමන්‍ය කෙනෙක් බහින්බස් වීමක් උනොත් [ තර්ක කිරීමක් කලොත් ] එම පුද්ගලයාව රාජකාරියට බාදා කළා කියා පොලිසි රැගෙන යන නිලදාරීන් ඉන්න රටක් මේක. අනිකුත් රජයේ ආයතන වලත් මේ වගේම තමයි . දියුණු රටවල රජයේ නිලදාරීන් උපරිම ලෙස මහන්සි වී තම රැකියාව කාර්යක්ෂමව කරනවා . ඔවුන් එය ආරක්ෂා කරගන්නේ ජනතාවට උපරිම සේවය දීමෙන් සහ තමන්ගේ බල සීමාව තුල ඉඳන් . නමුත් අපේ රටේ රජයේ නිලදාරීන් කුමන හෝ දේශපාලකයෙක් මගින් හෝ දේශපාලන හෙන්චයියෙක්ගේ හයියෙන් ජනතාවට කොකා පෙන්නමින් තමයි රැකියාව ආරක්ෂා කරගන්නේ . .
Appuhamy Friday, 30 August 2019 01:07 AM
පිලිගත්තට කොරයිද කියල තමයි ප්‍රශ්නේ ?
නෙවිල් ගුණසේකර Friday, 30 August 2019 06:55 AM
මේක පොලිසියේ වැදගත් තීරණයක්.