(කටුනායක ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු 2/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
විවාහක යුවළක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර , ඔහු 44 හැවිරිදි කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .
ඔවුන් 2/29 දින අලුයම 4.15 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ රුපියල් 24,20,000 ( විසි හතර ලක්ෂ විසි දහසක් ) ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 242 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර , මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 02 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට