
(අංජුල මහික වීරරත්න)
අනේකවිද අර්බුදවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශන වල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නීතිය හා සාමය අමාත්‍යවරයාගේ නාටක සෙල්ලම් නිසා රටෙි ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වන බව කී විජයවර්ධන මහතා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගමික සහජිවනය නැති කිරීමට උත්සාහ කරන මහ මොළකරුවන් කවුරුන් දැයි කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ කළේය.
බියගම පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා කීවෙි ජනතාව බුද්ධිමත් නිසා දැන් ආණ්ඩුව පෙන්වන නාටක බලා ජනතාව කලබල නොවන නමුත් ජනතාවට ඇත්ත කීමට ආණ්ඩුවට යුතුකමක් පවතින බවයි.
COMMENTS
අඳෝමැයි... හිටපු පොලිස් ඇමති නේද මේ? පොලිස් විමර්ශන කෙරෙන හැටිවත් නොදැනද මුන්නැහේ ඇමතිකම් කෙරුවේ ?උම්බෑ නොකියන තාක් කල් බුද්ධිමතෙක් විදියට රටට පෙන්නුව හැකි.
බයිලා කියන්න එපා. ආරක්ෂක අංශ ඔයාලගෙ කාලෙ තමයි වැඩි පුරම හෑල්ලුවට ලක් වුනේ . අනෙක පාස්කු ප්‍රහාරය ගැන ඔයාලගෙ කාලෙ පරීක්ෂණ කරපු හැටි රටම දන්නවා .
මෙයාලා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ,පාස්කු ප්‍රහාරයෙන් අහිංසක ජනතාව මැරුණු වෙලාවේ සිනා වෙවී මාධ්‍ය සංදර්ශන කරපු හැටි මෙයාට ,අමතක වෙලා වගේ..ඒ වෙලාවේ බද උලාගෙන හිටපු මුන්දලා දැන් මරු කියවනවා
ශ්‍රීලංකා ඉතිහාසයේ යහපාලන කාලේ තරම් නාටක පෙන්වපු කාලයක් නොතිබුන තරම්
උඩ අදහස් ලියලා තියන අය වගේ වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි
කව්ද හලෝ ආරක්ෂක අංශ හෑල්ලු කලේ? අපේ හමුදා සුදුකොඩි කාරයින්ට වෙඩි තිබ්බා, යුද්ද අපරාද කළා, මිලේනියම් දුරදිග විහිදුම් බලකායේ නම් ටික LTTE කාරයින්ට ලැබෙන්න සලස්වලා ඔවුන් මරා දැම්මා. මේ ඔක්කොම කලේ ඔහෙලා. ඒ නිසා අපිට වැදිබණ ඕනෙ නැහැ.
මේ කොමෙන්ට් ටිකනම් මසුරන් වටිනවා.... දැන් මරු කියවනවා.