(අජන්ත කුමාර අගලකඩ)
නාගරික සංවර්ධන අධිකාරිය සඳහා කල්බදු පදනම යටතේ වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
ඒ සඳහා වැය කෙරෙනා මුදල රුපියල් කෝටි 33 ක් පමණ වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට මෙම නව වාහන මිලදී ගැනෙනු ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය සතු වාහන සංචිතය අධිකාරිය සතු වාහන සංචිතය ප්‍රමාණවත් නොවන බැවින් වාහන 45 ක් මාසික කුලි පදනම මත ලබාගෙන ඇති අතර පෞද්ගලික වාහන සිය නිල වාහන භාවිතා කරන නිලධාරීන් 28 දෙනෙකුට ප්‍රවාහන දීමනාව වශයෙන් වසරකට රුපියල් එක්කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වැය කරන බව අධිකරිය පෙන්වා දෙයි.
COMMENTS
මුලින් කිව්වේ වාහන අලුතින් ගන්නේ නැහැ කියලා නේද...?
ජනාධිපතිතුමාගේ නියෝග පසෙකලා වැඩ කරගෙන යනවා වගේ...
හැම ආණ්ඩුවටම අාවම තියෙන්නේ පුදුම රථගායක්නේ.. ඔය නිලධාරීන්ට යන්න බස් එකක් දෙකක් දැම්මා නම් හරිනේ...
ඔය වාහනවල අයිතිකාරයා කවුද කියලත් හොයලා බලන්න වටිනවා.
ඔය ඩිපෝවල තියන වාහන අලුත්වැඩියා කර ගන්න බැරිද ? නිලදාරීන්ට අලුත් සීතල වාහනයක් නැතිවම බැරිද ?
වාහනේ ස්තරම් එකක් නම් සංවර්ධනය කරා වඩාත් වේගයෙන් ෂපාන් එකේ යන්න පුළුවනි. ඒක හින්දා පුළුවන් තරම් සුපිරි වාහන මේ නිලධාරීන්ට ලබා දීම සුදුසුයි.
අයියෝ 28 ද? අඩුම ගානේ 68 ක් වත් ගන්නයි තිබුනේ.
හරියටම හරි... නගරේ සංවර්ධනේ පැත්තකින් තියලා අධිකාරියේ සංවර්ධනයට මුල්තැන දීම කොයිතරම් හොඳයිද?
අගමැතිනම් කිව්වේ ජනතාවට අවුරැද්දට කිරිබත් ටිකක් කන්න දෙන්නත් සල්ලි නැහැ කියලා. හැබැයි මේගොල්ලන්ට කෝටි ගානක වාහන ගන්න නම් සල්ලි තියෙනවා. දැන් අර 69 ලක්ෂයේ කෙනෙක් හොයාගන්නවත් නෑ මේකේ.
කැබිනට් පේපර් එක දැම්ම ඇමතිට කොමිස් එක කීයද දන්නේ නැහැ. ගෝඨාභය මහත්තයට ආරංචි උනොත් මැරෙයි. ගෝඨාභය ජනාධිපතිට වැඩ කරන්න පසු පෙළ ඉඩදෙන්නේ නැහැ. ජනාධිපති ඒවි දැනගන්න ඕනේ.