(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ කොමිසමේ නිර්දේශ මත ක්‍රියාකිරීම නිසා කිසියම් පිරිසක් විසින් නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි චන්ද්‍රානි අමරසිංහ මහත්මියට තර්ජනය කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පැමිණිලි කර ඇත.
නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ පිහිනුම් තටාකය සඳහා මුදල් පරිත්‍යාගයක් ලබාදීමේ අරමුණෙන් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගය මත අවලංගු කිරීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
අදාළ උත්සවයේ සංවිධායකයන් විසින් මෙම තර්ජනය කරනු ලැබ ඇතැයි ද ඇය පාසලෙන් නෙරපා හරින බව ඔවුන් පවසා ඇතැයි ද ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා විදුහල්පතිනියට තර්ජනය කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියට තර්ජන
almeida Wednesday, 23 October 2019 06:07 PM
නීතියට වැඩකළ එතුමියට මගේ ප්‍රණාමය...!
Raveendra Wednesday, 23 October 2019 09:33 PM
මුදල් පරිත්‍යාගයක් කිව්වේ ඒ "ඇමතියගේ " ගෙදරින් ගෙනාපු මුදල් වෙන්න ඇති. මාධ්‍යයෙ වගකීමක් ඔය කියන " ඇමතියගේ මුසල නම " සදහන් කිරීම.කෙසේ වෙතත් දේශපාලුවන්ගේ අවශ්‍යතාවට තම ආත්මගරුත්ව පාවනොදුන් විදුහල්පතිනියට අපගේ ආචාර්ය.