(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ කොමිසමේ නිර්දේශ මත ක්‍රියාකිරීම නිසා කිසියම් පිරිසක් විසින් නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි චන්ද්‍රානි අමරසිංහ මහත්මියට තර්ජනය කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පැමිණිලි කර ඇත.
නුගේගොඩ අනුලා විදුහලේ ප්‍රාථමික අංශයේ පිහිනුම් තටාකය සඳහා මුදල් පරිත්‍යාගයක් ලබාදීමේ අරමුණෙන් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගය මත අවලංගු කිරීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
අදාළ උත්සවයේ සංවිධායකයන් විසින් මෙම තර්ජනය කරනු ලැබ ඇතැයි ද ඇය පාසලෙන් නෙරපා හරින බව ඔවුන් පවසා ඇතැයි ද ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා විදුහල්පතිනියට තර්ජනය කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.