IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නකල්ස්හි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණයට අත්පත්කරගනී

 

 

(මහේෂ් කිර්තිරත්න)

නකලස්  පාරිසරික  ආරක්ෂණ කලාපයේ  මාතලේ දිස්ත්‍රික්කයට  අයත් පෞද්ගලික ඉඩම් අක්කර  1600ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ කටයුතු  කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා  පැවසීය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකලස්  පාරිසරික ආරක්ෂණ කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් මේ බව පැවසීය. 

නක්ලස්  සංරක්ෂණ කලාපයට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 31,000 ක් පමණ වන අතර  එයින් හෙක්ටයාර්  15,000ක් මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන අතර  ඉතිරිය  මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේ. 

නක්ලස් සංරක්ෂිත කලාපයේ මාතලේ  පිටවල පතන ආශ්‍රිතව  ඇති ගෝනමඩවත්ත  නම් ප්‍රදේශයේ  පෞද්ගලික ඉඩම්  අක්කර  1600ක  ප්‍රමාණයක්  අත්පත් කරගැනීමේ කටයුතු  මේ දිනවල සිදුවෙමින් පවතී. 

මෙම  පෞද්ගලික  ඉඩම් ‌ අත්පත් කරගැනීමේදී  අයිතිකරුවන් සොයා ගැනීමට  අපහසු වීම, අයිතිකරුවන් ඉදිරිපත් නොවීම වැනි ගැටලු ද පවතින බව මෙම ප්‍රගති සමාලෝචන  රැස්වීමේදී  අනාවරණය විය. 

ලග්ගල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මගින්  අත්පත් කරගැනීමේ  කටයුතු සිදු කරනු ලබයි.  මේ වන විට ගෝනමඩවත්ත  පෞද්ගලික ඉඩම්  මිනුම් කටයුතු කර  තක්සේරු  කිරිමේ කටයුතු  අවසන් අදියරේ පවතී.  මෙම ඉඩම් පෞද්ගලික අයිතිය යටතේ  පැවැතිය ද එම ඉඩම්වල සංවර්ධන කටයුතු සිදුකර නොතිබීමෙන්  අත්පත් කරගැනීමේ කටයුතු පහසු වී ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා  ප්‍රකාශ කළේය.  

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා  ඉඩම් අමාත්‍යාංශයේ  සහකාර අධ්‍යක්ෂ (අත්පත්කරගැනීම්)  කෝකිලා හේමචන්ද්‍ර ,  ලග්ගල ප්‍රාදේශීය ලේකම්  එස්. විජේකුමාර් ,  නියෝජ්‍ය වන සංරක්ෂක  ප්‍රියන්ත සේනාධීර,  මාතලේ දිසා වන නිලධාරි  ඒන්.ආර් ප්‍රසාද්,  දිසාවන  නිලධාරි අශෝක බණ්ඩාර හේරත්,  වන පාලක කේ.ආර්.ඉලුක්කුඹුර  යන මහත්ම මහත්මින් ඇතුළු  නිලධාරින් රැසක් සහභාගී වූහ.



අදහස් (11)

නකල්ස්හි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණයට අත්පත්කරගනී

දිලිත් Friday, 14 August 2020 11:04 AM

මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ කොහේවත් තියෙන කැලයක්ද නැත්නම් පෞද්ගලික ඡන්දදායකයන් ද?

:       555       104

RajindaFriday, 14 August 2020 01:53 PM

ඔබගේ බුද්ධියේ කැපෑසිටිය අපට වටහාගත හැක...

:       0       161

athulaFriday, 14 August 2020 08:14 PM

ගොබ්බ වැඩ තමයි කරන්නේ...

:       5       0

kamal Friday, 14 August 2020 01:09 PM

කළින් නකල්ස් වනාන්තරේ අනවසරයෙන් ඉදිකළ හිටපු ගුවන් හමුදා ලොක්කගේ ගෙයත් පවරාගන්නවැයි..?

:       48       189

Perera Friday, 14 August 2020 08:58 PM

ඔය ඉඩම් සහ ඒවායේ ඉදිකර ඇති සුඛෝපභෝගී නිවාස අත්පත්කරගෙන නව රජයේ අයවලුන් බෙදාගන්නද හදන්නේ..?

:       1       18

wasantha Friday, 14 August 2020 09:43 PM

වන සතුන් හා අනාගත පරපුර වෙනුවෙන් කෑලිවලට නොකැඩූ ආරක්‍ෂිත වනාන්තර පිහිටුවීම හා ඒවා ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. රජයට ස්තූතියි..!!!

:       0       17

Bamunuarachchi Saturday, 15 August 2020 03:22 AM

1967 කාලේ ලග්ගල, මීමුරේ, කලුපහණ ප්‍රදේශවල රජයේ ඉඩම් අක්කර 100 කැබලි එනසාල් වගාවට දුන්නා.

:       0       8

BamunuarachchiSunday, 16 August 2020 03:55 AM

මෑතක සොයා බැලුවාම එම ඉඩම් නැවත වනසංරක්ෂණයට ගත් බව දැනගන්න ලැබුණා...

:       0       0

නිමල් Saturday, 15 August 2020 04:18 AM

කැලෑවට ගිහිල්ලා තියෙන තේවතුත් රජය නැවත පවරා ගත්තොත් හොඳයි. බදුල්ලෙ තේ වතු මිනිස්සු බලෙන් අල්ලාගෙන ගෙවලුත් හදලා, කොම්පැනිකාරයින් දැක්කේ නෑ වගේ ඉන්නවා. සමහර වතුවල කලින් තිබ්බ තේ ගස් ප්‍රමාණය එක්ක බලනකොට දැන් තියෙන්නේ බොහොම ටිකයි...

:       1       6

badraniSaturday, 15 August 2020 05:28 AM

නිමල් මහත්තයෝ, ඔය තේවතු ලංකාවේ මිනිසුන්ගේ ඉඩම් මුඩු ඉඩම් යටතේ බලෙන් සුද්දා පවරා ගත්ත ඒවා බව මතක නැතිවුණේ ඇයි?

:       16       1

rasika Saturday, 15 August 2020 07:42 AM

හොඳ තීරණයක්...!!! 

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site