(ඉන්දික අරුණ කුමාර)

නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසනේ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුහු අද (21) දහවල් සාමාජිකත්වය ලබාගන්නා ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයින් මෙන්ම පැරණි එජාප සමාජිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාගේ නාඋල නිවසට පැමිණ බුලත් හුරු ලබාදෙමින් කියා සිටියේ ඉදිරියේ දී දහසකට අධික එජාප පාක්ෂිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වන බවයි.

පැවැති යහපාලන ආණ්ඩුව සමයේ තමන් බරපතල අසාධාරණයන්ට ලක් කල බවත්, රට විවිධ පුද්ගලයින්ට භාරදීමට එජාපය කටයුතු කළ බවත් ඔවුහු කියා සිටියහ.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු මෙනවර මහ මැතිවරණ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ වසර 40 ට පසු ලග්ගල ආසනය සදහා ලග්ගල උපන් පුද්ගලයකුට මැතිවරණයට තරග කිරිමට අවස්ථාව හිමි වී ඇති බවයි.

තමන් නොව ලග්ගල දිනවීම සදහා ඉදිරියේ දීත් තමන් වටා එක්වන පිරිස් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම එජාප පාක්ෂිකයින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.