අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ
බෙලිහුල්ඔය තානායම අසලින් ගලා බසිනා බෙලිහුල්ඔයේ ‘දියපහස ගිමන්හල’ සහ තානායම අතර ඇති දියවලේ අනාරක්‍ෂිත තැන් ඉවත්කර ආරක්‍ෂිතව දියනෑමට හැකි ලෙස සකස් කිරීමට ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාව, බළන්ගොඩ පොලීසියේ පරිසර ඒකකය, ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ප‍්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා ජනතාව එක්ව අද (7) වැඩපිළිවෙළක් ඇරඹීය.
මෙම දියවළේ එක් ස්ථානයක ‘කුහරයක්’ වැනි තැනක් වළේ ගැඹුරේ පිහිටා ඇති බව ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභා සභාපති ශ‍්‍රීලාල් සෙනරත් මහතා පැවසීය.
‘‘මෙතනට දියනාන්න දිනකට විශාල පිරිසක් එනවා. කොළඹ බදුල්ල පාරේ විනෝද ගමන් යන වැඩි දෙනෙකුට ඉතාම පහසුවෙන් දිය නාන්න තියන තැනක් මෙතන. මේ වෙනකොට 18 දෙනෙක් ගිලිලා මැරිලා තියනවා. මිනිස්සුන්ට දියනෑමෙන් වළකින්න කියලා පුවරු සවිකරලා දැනුවත් කළාට වැඩක් නෑ.
මිනිස්සුන්ට පහසුවෙන් නාන්න හැකි විදියට මෙතන සැකසීම තමයි අනතුරු වළක්වා ගැනීමටත්, මිනිසුන්ගේ දිය නෑමේ උවමනාව ඉටුකිරිමටත් ඇති එකම මග. 19 වැනියා බිල්ලට ගන්නට පෙරයි අපි මේ කරන්නේ ඒ දේ.’’ සභාපතිවරයා කීවේය.
ඒ අනුව එම ගැඹුරු වළ, ඔයේ ඇති ගල් දමා ගොඩකර අනාරක්‍ෂිත බව ඉවත් කිරීම මෙහි අරමුණයි. ඊට අමතරව කුඩා දරුවන්ට ද ආරක්‍ෂිතව දිය නෑ හැකි අයුරින් ඊට පහළ ඇති කුඩා වළ ද අනවශ්‍ය ගල් ඉවත්කර සැකසීම සිදුවෙයි.



COMMENTS
හොද වැඩක් පරිසරයට හානියක් නොකර කරනවානම් හොදය!
ඉතාමත් හොද වැඩක්
“අනතුරට පෙර සූදානම කියන“ ආදර්ශය ඉතා අගනේය. මෙම ක්‍රියාව ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවකි.
මෙය දිය නෑමට අනාරක්ෂිත ස්ථානයක් බව නොදැන මමත් මීට කලකට පෙර දෙවරක් එහි දිය නෑමට ගියෙමි. දිය නෑම තහනම් බව දැක්වෙන පුවරු දුටු බවක් මට මතක නැත. කෙසේ උනත් 19 වැනියා බිල්ලට ගන්නට ගන්නට පෙර එහි දිය නා ගොඩවීමට පුළුවන්වු නිසා මට මේ වචන කිහිපය ලියා තැබීමට පුළුවන් වීම ගැන මම මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින් දෙමි !
අගය කළ යුතුයි. තම ප්‍රදේශයේ වටිනා කමත් මිනිස් ජීවිතයේ වටිනාකමත් හදුනාගෙන යහපත් දේ කිරීම.
ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින්ජනපති තුමා 60 එක්දහස් එකක් මැරුම් කත්දී බේරුනේ එහෙමය
ලංකාවේ අඩුම ගානේ ධහ අටක් මැරුණම අනිවාර්යෙන්ම පියවර ගන්නවා ධහ අටට අඩු නම් පියවර නැහැ ඔකය් තත්වේ
ඉතාමත් කාලෝචිත ,වැඩදායක ක්‍රියාවක් .
ඔවුන්ගේ නොසැලකිලිමත්කමින් සිද්ද කරගන්න අනතුරු වැළැක්වීමට.. මෙය සහනයක් වෙයිද?
ඔතනට අඩිය තියන්න බෑ බොතල් කටු... ඒවා පිරිසිඳු කරන්නයි, ඔතන බොන එක නවත්තන්නයි වැඩසටහනක් කළොත් තවත් හොඳයි...
හොඳ වැඩක්... අපට අවශ්‍ය කෙනා ඔබ තමයි.
මිනිස්සුන්ට දියනෑමෙන් වළකින්න කියලා පුවරු සවිකරලා දැනුවත් කළාට වැඩක් නෑ. කාගේ වරදද? කිසිම දෙයක් කරන්න එපා. ඔය වල තියෙන විදිහටම තියන්න .. හැදෙන අය හැදේවි.., අනිත් එවුන් එලොව ගිහිල්ල හරි හැදේවි...