IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට පියවර

(රංජන් කස්තුරි)
 
මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
ඒ අනුව, දකුණු පළාතෙන් මන්ත්‍රී ධුර දෙකක් අඩු වී ඌව පළාතට මන්ත්‍රී ධුර දෙකක් වැඩි වී තිබෙන බවද ඔහු පැවසීය.
 
එසේම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවද දේශප්‍රිය මහතා කීය.
 
බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවද, සභාපතිවරයා සඳහන් කළේය.
 
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 සිට 9 දක්වාද මාතර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 සිට 7 දක්වා ද අඩු වී ඇතැයිද හෙතෙම පැවසීය.
 
බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව 5 සිට 6 දක්වාද ඉහළ යන බව හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට පියවර

nimal Thursday, 27 February 2020 01:45 AM

ඒකට කමක් නැහැ, අපිට කියන්න "ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ" ලියාපදිංචි කරනවද කියලා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site