IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දිස්ත්‍රික්ක 17ක නියඟයෙන් ලක්ෂ 5ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

අපේක්ෂිත පරිදි නිරිතදිග මෝසම් වැසි නොලැබීම හේතුවෙන් ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසා මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17 පවුල් 125240කට පමණ අයත් පුද්ගලයින් 474,434 ක් පීඩාවට පත්ව සිටින බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

පැසිපික් සාගර කලාපයේ එල්නිනෝ තත්ත්වයක් හට ගැනීම සහ ඉන්දියානු සාගර කලාපයේ උණුසුම ඉහළ යාම මෙලෙස නිරිත දිග මෝසම් තත්ත්වය දුර්වල වීමට හේතුවී ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

ඇතිව තිබෙන නියං සහිත කාළගුණයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේ මන්නාරම, යාපනය හා නැගෙනහිර පළාතේ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි ජනතාව වන අතර ඊයේ ( 07) දිනය වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 23518 ක් , යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21094 ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 17984ක් මෙයින් පීඩාවට පත්ව සිටි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 11566ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 10435 ක් පීඩාවට පත්ව සිටිති.

මෙම ජනතාවගේ පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට වහා පියවර වහා ගන්නැයි බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.

මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර් 133 ක් ට්‍රැක්ටර් රථ 364 සේවයේ යොදවා ඇති අතර ලීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ජල ටැංකි 7000 ක් පමණ රට පුරා බෙදා හැර ඇති බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (1)

දිස්ත්‍රික්ක 17ක නියඟයෙන් ලක්ෂ 5ක් පීඩාවට

උපුල Monday, 08 July 2019 03:59 PM

ඔව්... ගියොත් රුපියල් මිලියන 7 හමාරක පඩියෙන් කොටසක් සුමතිපාලට ගෙවාගන්නත් බැරිවෙනවානේ. එ්කනේ මේවගේ අභූත කොන්තරාත්තු අත්සන් කරලා තියෙන්නේ. ඕනෑම කොන්තරාත්තුවක ඩිස්ක්ලේමර්ස් කියලා උප වගන්ති තියෙනවා. ඒ කියන්නේ, කෙනෙකුට පැවරූ රාජකාරිය අසාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම තීරණය කළොත් මෙම කොන්තරාත්තුව අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගමට සම්පූර්ණ බල තල ඇත යන්නයි. ඉතින් මේකෙන්ම පෙනෙනවා ගහලා තියෙන කොන්තරාත්තුවේ තත්ත්වේ. ඔක්කෝමට වැඩිය අාත්ම ගරුත්වයක් සහ ලැජ්ජාවක් කියන එකක් නම් මේ උන්දෑට ගෑවිලාවත් නැහැ. ඔහුගේ නොහැකියාව ඔහුට නොදැනෙන පාට් එකක් දාගෙන තව මාස 16ක් පඩි ගන්නවගේ කල්පනාව. රෙද්දක් ඇඳන්ද ඉන්නේ? මේ සුදු අලි සල්ලිවලින් දුප්පත් පාසල්වල ක්‍රීඩා පහසුකම් ලබාදෙන්න. ලෝක කුසලානෙට පස්සේ නිකන් මවිත වෙලා වගේ ප්‍රකාශ කරන්නේ හරියට අපි මේ නාටකයේ අවසාන ප්‍රතිපලේ දැනගෙන හිටියේ නෑ වගේ. අපිට සාමාන්‍ය දැනීමෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ උන්නැහේට ඒකත් නැහැ. ඇමැතිත් කොන්තරාත්තුව කියවන්න ඇත්තේ පත්තරෙන් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 761 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site