IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ, කොලොන්න, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, ඇල්ල, හාලිඇල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, සොරනාතොට, ඌව පරණගම, වැලිමඩ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩපළාත, පාතහේවාහැට සහ ගඟවටකෝරළේ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, නුවරඑළිය, වලපනේ සහ අඹගමුවකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙලෙස නායයෑමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම ප්‍රකාශකයා කීවේයග

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site