IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිස්ත්‍රික්ක හතක පවුල් 42,000 පිරිස් අවතැන්

(ඩයනා උදයංගනී)

මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ හතරක් වාර්තා වී ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක හතකට අයත් පවුල් 41,717කට අයත් 183,028 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති අතර පීඩාවට පත් පවුල් 1,084 කට අයත් 4,863 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 31 ක රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි

තවත් පවුල් 405 කට අයත් 1,553 දෙනෙක් ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ඔහු සඳහන් කළේය.

මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක පවුල් 30,188 කට අයත් 1,23,559 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් 847 කට අයත් 3925 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලත්, පවුල් 42කට අයත් 172 දෙනෙක් ඥාති නිවෙස්වලත් රැඳී සිටිති.

ආපදා තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල නිවාස 10 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 569 කට අර්ධ හානි සිදුව ඇත.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතක පවුල් 42,000 පිරිස් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site