IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දිස්ත්‍රික්ක පහක රජයේ වී මෝල් පහක්

(සුජිත් හේවාජුලිගේ)

සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක   සහල් මෝල් පහක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

සහල් මිල පාලනය කළ නොහැකි තත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසා බව පැවසූ අමරවීර මහතා   සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කිරීමේ අවශ්‍යතාවක්  නැතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී  ඊයේ(30)පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසාන තීරණය ලබාදිය  යුත්තේ රජය බවත්  පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඊට තරග වැදීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

වී මිල  හා සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිවේදනවලින්  වාසිය අත් වුයේ  අතරමැදියන්ට යැයිද  මහින්ද අමරවීර මහතා පැවැසුවේය.

වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවට දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා පක්ෂයට මේ දක්වා දැනුම්දීමක් කර නැති බවත් ඔහු ඒ සඳහා  එකඟ නම්  පක්ෂය ඊට අනුමැතිය ලබා දෙන බවත් අමරවීර මහතා කීවේය. 



අදහස් (6)

දිස්ත්‍රික්ක පහක රජයේ වී මෝල් පහක්

Gunda Thursday, 30 September 2021 03:56 PM

ඕක නම් බොරු වැඩක්.. වී මෝලේ දැම්මට සහල් නැතිවේවි... හොඳව වැවේ ගොවියන්ට හැකිතරම් උදව් කරලා වී නිෂ්පාදනය වැඩිකරන එකයි. එතකොට ඉල්ලුම, සැපයුම න්‍යාය මත සහල් මිල බහිනවාමයි..

:       0       0

thilak Thursday, 30 September 2021 04:09 PM

වී මෝල් 5ක් තියා 1ක් වත් රජයකට පවත්වා ගෙන යන්න බෑ.. අන්තිමේදී වෙන්නේ CTB, වී අලෙවි මණ්ඩලය, මිහින් ලංකා, ලංකා සතොස, වගේ රැකියාදෙන තැනක් වේවි. දූෂිත, හොරකම් වලින් පිරි ආයතයක් වේවි. රජය අනුග්‍රහයෙන් පුද්ගලික ව්‍යාපාරයක් කරගෙන යන්න. රජයට ව්‍යාපාර කරන්න බෑ..

:       0       0

යෝගා Thursday, 30 September 2021 05:48 PM

නිකන් බොරු වැඩ කරන්න හදන්න එපා. රජයක් කරන්න හැමදේටම අතදාන එක නෙමෙයි හරියට නියාමනය කිරීමයි කළ යුත්තේ...!

:       0       0

SENA Thursday, 30 September 2021 07:24 PM

ඒ කියන්නේ තවත් සුදු අලි ගොඩක්...

:       0       0

rocky Thursday, 30 September 2021 07:38 PM

රජයෙන් ඔය වැඩේ කළොත් හාල් මිල තවත් ඉහළ යනවාට කිසිම සැකයක් නෑ. රජයේ ආයතන වැඩි හරියකට පත් කරන්නේ දේශපාලු හිතවතුන්ව...ඔවුන්ගේ විනෝදාංශය හොරකම් කිරීම. ආන්න ඒ හින්දයි මහත්තයෝ, රජයේ ආයතන දැන් හැම එකකටම වගේ කෙළවෙලා තියෙන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 07:41 PM

වී මෝල් 10 ඇරියත් වැඩක් තිබෙනවාද ගොවියෝ රජයට වී දෙන්නේ නැතිනම්. පිටරටින් සහල් ගෙන්වීම තමයි එකම පිළියම. මම දැක්ක ජෙප්පෙක් කියන රටේ ඕන තරම් සහල් තිබෙනවා පිටින් ගෙවන්න එපා කියලා. ඔව් සහල් තිබෙනවා මෝල් ගොයියෝ ගාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13653 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11025 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site