(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ දිස්ත‍්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළුතර, කෑගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, අගලවත්ත, මතුගම දොඩන්ගොඩ, ඉංගිරිය, පාලින්දනුවර සහ හොරණ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහිඕවිට, ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව, බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, අයගම, කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ, මාතර දිස්ත‍්‍රික්කයේ අතුරලිය සහ පිටබැද්දර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම නායයෑමේ අවදානම මතුව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
මෙම ප‍්‍රදේශවල බෑවුම් ආශ‍්‍රිතව පදිංචිව සිටින්නන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත‍්‍රික්ක පහකට නායයෑමේ අවදානමක්