IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දෝෂය නිවැරදි කරන්නැයි අලි සබ්‍රි කතානායකගෙන් ඉල්ලයි

 (සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී සිදු වූ දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඡන්දය ප්‍රකාශ වූ නිවැරදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි .

පනත් කෙටුම්පතට ඡන්දය ලබාගෙන එය ගණනය කරන අවස්ථාවේදී කුමන හේතුවක් නිසා හෝ පනතට පක්ෂව ඡන්දය දුන් තමාගේත් ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේත් ඡන්දය නිවැරදිව ගණනය වී නොතිබූ බවත් එය නිවැරැදිව ගණනය වූයේ නම් පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් හිමිවන බවත් අධිකරණ ඇමැතිවරයා කියයි.

තමා ඡන්දය ගණනය කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ ඡන්දය නිවැරදිව පාවිච්චි කළ නමුත් කාරක සභා අවස්ථාවේදී පනතට සංශෝධන එකතු කිරීමට දැඩි අවධානයක සිටි හෙයින් ඡන්දය පාවිච්චි කිරීම රූපවාහිනී තිරයේ දිස් වූ ආකාරය නිරීක්ෂණය කිරීම අතපසු වූ බව ද පැවැසුවේය.

කෙසේ වෙතත් පනතට තුනෙන් දෙකක බහුතරයක් හිමිවූ බව මේ අනුව පැහැදිලි යැයිද කතානායකවරයා එම වරද නිවැරදි කර ජනතාවට කරුණු පැහැදිලි කර දෙනු ඇතැයි ද අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කතානායකවරයා එම ඉල්ලීමට එකඟවූ බව අලි සබ්රි මහතා වැඩිදුරටත් කීවේය .

 



අදහස් (9)

දෝෂය නිවැරදි කරන්නැයි අලි සබ්‍රි කතානායකගෙන් ඉල්ලයි

parakkrama Saturday, 22 May 2021 09:54 AM

සබ්‍රිටත් වෙලා තියෙන්නේ එක්කෝ ගණිනකොට නින්ද ගිහින්.. නැතිනම් බිත්තර ගන්න කොට දෙකක් බිම අතහැරිලා...

:       1       23

Raveendra Saturday, 22 May 2021 10:09 AM

දෝෂ නිවැරැදි කිරීම පමණක් නොව කතානායකගේ වගකීම අඩු තරමින් එකේ සිට දෙසිය විසිපහ දක්වාවත් නිවැරදි ලෙස ගණන් කිරීමට බැරි "මොංගල් බූරුවන්ගේ වත ගොත, අධ්‍යාපන සුදුසුකම්" පුරවැසියන්ගේ දැනගැනුමට ප්‍රසිද්ධ කිරීම සුදුසුයි.

:       0       35

sena Saturday, 22 May 2021 10:43 AM

හැමදේම බකල් වෙන ආණ්ඩුවට මේක හරි යාවිද? ඕකට වරාය නගරය නොවේ "චීන නගරය" ලෙස නම් කරන්න. හම්බන්තොට සේරම හබස්..., නෙළුම් කුළුණ හබස්, කොරොනා පාලනය හබස්, පාස්කු හබස්, මහ බැංකුව කෝ හොරු? එකම දේ තමන්ගේ මිතුරු වලල්ල නඩු වලින් සර් පාස් කරලා...

:       6       46

Sri Lanka Saturday, 22 May 2021 11:36 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..

:       1       19

Kumara Saturday, 22 May 2021 02:00 PM

ඔබතුමාට ඡන්දෙ ඉවර වෙනකන් වේලාව තියෙනවා ඡන්දෙ වැටුණාද නැද්ද බලන්න.. වැටිලා නැතිනම් කථානායකතුමාට කියන්න තිබුණා ඒ වෙලාවේ එළියට ඇවිත් කියන්නේ නැතුව... නේද ඇමැතිතුමා...?

:       1       15

KooralageSunday, 23 May 2021 04:48 AM

මෙයා මහලොකු කෙරුමා වගේ කයිය ගැහුවට... මේ ආණ්ඩුවේ ඔක්කොම ෆේල්... බලමුකෝ ඊළඟ ඊන්දෙදී.. මේ කරන තක්කඩි වැඩ වලට පොලියත් එක්ක ගෙවන්න වෙයි.

:       0       1

Nuwangi Sunday, 23 May 2021 12:14 AM

දෝෂය නිවැරැදි කිරීමට පෙර ,.. කථානායක නිවැරැදි කළ යුතුයි. මේ වගේ පක්ෂග්‍රාහී නායකයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේවත් දැක නැත.. මේ ආණ්ඩුව කොහොමත් නිවැරැදි කළ යුතුයි.

:       0       0

Daham Sunday, 23 May 2021 12:26 AM

මෙයා ඇත්තටම පක්ෂව ඡන්දය දුන්නාද දන්නේ දෙවියෝ තමයි.

:       0       0

Kumara Sunday, 23 May 2021 02:20 AM

අනේ ඉක්මණට මේක ගණන් කරලා හරිගස්සලා දීපල්ලා.. නැතිනම් මේ හොරිකඩයන්ට නින්ද යන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site