
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට පොහොර ලබාදීම සම්බන්ධයෙන් දේශීය පොහොර සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසම් අනුව ඔවුන් කටයුතු කර ඇත්ද යන්න සොයා බලා දෙසැම්බර් 31ට පෙර වාර්තාවක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.
මහ කන්නයේදී පොහොර නිෂ්පාදනය හා බෙදාහැරීමේදී සිදුව ඇති අඩුපාඩු මඟහරවා ගෙන යල කන්නයේ සිට නියමිත පරිදි කාබනික ගොවිතැන සිදු කිරීමට සියලුදෙනා සුදානම් විය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහ කන්නයේ වගා කළ යුතු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් මේ වන විට සමස්තයක් ලෙස 90% - 95% ක පමණ කුඹුරු වගා කර ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙහිදී දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ඉකුත් මහ කන්නයට සාපේක්ෂව මෙවර වී අස්වැන්න 70% - 75% අතර ප්‍රමාණයකින් ලබා ගත හැකි බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දුන් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
317
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය පොහොර සමාගම් ගැන වාර්තාවක් ඉල්ලයි
ඇත්ත Thursday, 23 December 2021 06:42 PM
මේ වගේ ඇමැතිලාව විශේෂයෙන් ලං කරගෙන කව්රු හරි ඉන්නවා නම් ඒ අයත් මේ වගේ අයවලුන් බව බොරුවෙන් ජීවිතය ගත කරන පුරුද්ද නැති අයට නම් තේරෙනවා. නමුත් අපේ රටේ උගත් යැයි කියාගන්නා අයත් මේ ආණ්ඩුවට හිරිකිතයකින් තොරව තාමත් කඩේ යන්නේ ඒ අයයි.., මේ වගේ අයයි අතර වෙනසක් නැතිනිසා තමයි සිතන්න තියෙන්නේ....
Hafeel Thursday, 23 December 2021 06:46 PM
මෙයා වාර්තාව ඉල්ලන විට ගොවීන්ගේ හිසට උඩින් ගංවතුර ගිහින් ඉවරයි. ජනාධිපතිට ගැලපන විදියට කිසිම සැලැස්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති කෙනෙක්.
naleen Thursday, 23 December 2021 09:14 PM
අන්තෙටම වැටිලාත් මේ මනුස්සයාගේ කියවිල්ල නම් නතර වෙලා නැහැ. සියලු වැඩ කටින්...
ලැජ්ජාව නැති මහමුදලිFriday, 24 December 2021 02:20 AM
මුදල් කථා කරනවිට තමා වැටිලාද? මොළේ ඕනෑද? නැතිනම් තියෙනවද කියන එක අදාල නැහැ වගේ... ලංකාවේ දැනට ප්‍රධාන පක්ෂ දෙක කරගෙන ආවේම පොලිට්‍රික්ස්. මෙයා සැවෝමට වඩා ටිකක් ඉදිරියෙන් ඉන්නවා හැඩයි.
Willow Drive Thursday, 23 December 2021 09:23 PM
මී හරකුන්ද?
Perera Friday, 24 December 2021 12:52 AM
රටේ මිනිස්සු ආරක්ෂණය වෙන්නේ මේ වගේ සට්ටම්බින්ට තමයි.
කෝරලගේ Friday, 24 December 2021 07:20 AM
කිසිම උගත්කමක්, බුද්ධියක් නැති මේ වගේ අපතයින් නිසා තව නොබෝදිනකින් රටම ආහාර මිලදී ගන්න බැරි සාගතයකට මුහුණ දෙන්න වෙන එක ඒකාන්තයි. මේක නොතේරෙන පුයර බබ්බු මේ අය. තවමත් මිල මුදල් ඇති අය යන්තම් ජීවිතේ ගැට ගහගෙන කෑවාට.. රටේ දුගී දුප්පත් සමස්ත ජනතාවම කරකියා ගන්න දෙයක් නැතුව අන්ත, අසරණ වෙලා තියෙන්නේ... පාලකයින් මර නින්දේ නිකම් බිරි අලි වගේ...
Sunil Friday, 24 December 2021 09:32 AM
රටේ කෘෂිකර්මය තවත් අගාධයට යවන්නයි මොහුගේ වෑයම...
Lalith M Friday, 24 December 2021 03:26 PM
රාජ්‍ය ආයතන වල වාර්තා යනු අතිශයෝක්තිය පිරුණු හිස් ලියවිලි පමණයි. වෙලාව ගතකිරීමට අවශ්‍ය පියවරක්. කිසිම දවසක සත්‍ය හෙලි කිරීමට බැරි බොරුව පමණක්ම නිලධාරීන් සපයන්නේ ලොක්කන් සතුටුකිරීමෙන් පමණක් තම රැකියාව රැකෙන නිසා... මහාචාර්ය උදිත් ජයසිංහ සත්‍ය ප්‍රමාදවී හෝ කිව්වා. පසුවදා ඉවත් කර දැම්මා.