IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී

(එෆ්.අස්ලම්)
 
මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් එක්ක.මේ නිසා මට සාමාන්‍ය ප්‍රශ්න ගැන හිතන්න බැහැ මේ වෙලාවේ. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසදුමක් ලබා දෙන්නම් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ   පැවසු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා  පැවසීය.
 
බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ සදහන් කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට සදහන් කළේය.
 
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සුමන්තිරන්,සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපතිවරයා හමුවූ අතර මෙම සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා,නීතිපති දෙපාර්තුමේන්තුවේ හා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ද කැඳවා තිබිණි.
 
ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටියේදී පොදු සමාව යටතේ නිදහස් කිරීමත්,තමන්ව ඝාතනය කිරීමට පැමිණි කොටි සාමාජිකයෙකුද පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගත් ආකාරයත් සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
 
මේ සම්බන්ධයෙන් ඉදිරි තෙසතියක කාලය තුළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇතුළු ආයතනවල නිලදාරීන් කැඳවා මෙකී ගැටළුව විසදාදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පවතින දේශපාලන අර්බුධකාරී තත්වය තුළ තමන්ට මෙකී සිරකරුවන්ගේ ගැටළුවට ප්‍රමුඛතාවක් දිය නොහැකි බවත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කර තිබේ.



අදහස් (2)

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී

දිමුත් Tuesday, 04 December 2018 08:38 AM

දැන් මේක කොටි නිදහස් කිරීමක් කියලා කෑගහන්න දේශප්‍රේමීන් නැතුව ඇති?

:       3       164

Samantha Tuesday, 04 December 2018 10:32 AM

පක්ෂ භේදයකින් තොරව මෙය නැවැත්විය යුතුය.

:       2       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 392 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site