(අංජුල මහික වීරරත්න)
රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට අද(8) උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර එජාප නීති අංශය කරුණු පෙන්වා දෙනු ලැබිණි.
විරෝධතා සහ උද්ඝෝෂණවල යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශයට දුන් උපදෙස්වල දැක්වෙන්නේ ඉහත පියවරට එරෙහිව අධිකරණයෙන්ම නීතිමය ආවරණය ගන්නා ලෙසයි.
රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ මෙහෙයවීමෙන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් ද ගොනු කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2559
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එජාපය නඩු මඟට