






ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඉල්ලීමකට අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹිණි.
මෙම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වේ.
මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කුඩා පාලම් යෝජනා 5,000 කට අධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවද, ඉදිරි වසර 4ක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිතවරු, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ගම්වාසීහු සහභාගී වී සිටියහ.
COMMENTS
කවුරු කළත් හොඳ වැඩේට අප හොඳයි කියනවා. දේශපාලන කුහකකම් අප ළඟ නැහැ. මෙතුමා මේ කරන වැඩේ ඉතාමත්ම හොඳයි. එය අගේ කළ යුතුයි. එමෙන්ම, මාතර දිස්ත්රික්කයේ නෙළුව මොරවක ඇතුළු අවට ප්‍රදේශවල හා දෙනියාය හා අවට ප්‍රදේශවල මිනිස්සුන්ට යෑමට හෝ නොහැකි කුඩා පාලම් ඒ දඬු ආදිය තිබෙනවා. අන්න ඒ අසරණ මිනිස්සුන්ට මෙවැනි අලුතෙන් පාලම් ඉදිකර දීමට ද ක්‍රියාත්මක වෙන්න ස්තුතියි.
සමහර දේවල් වතුරට වැටුනම බලය අඩු වෙනවා ආරක්ෂාවක් නැහැ. ගමට ගෙනියන්න ඕන සුදුසු විදිහට.
අනේ මහත්තයෝ ආවට කමක් නැහැ. අපිට ඕන පාලම විතරයි.
පොදුජන ඉංජිනේරුවන් කියන විදිහට බර වාහන යන්න බැරි පටු පාලම් හදන්න එපා.
බොහොම හොඳයි... ඒත් ඡන්ද වියදම් පියවා ගන්න හෝ ඡන්දයට ආධාර කළ කොන්ත්‍රාත් කරුවන්ට නොපවරා රාජ්‍ය ඉංජිනේරු සමාගම විසින් ඉදිකරනවා නම් තමයි හොඳ.. එතකොට මහජන මුදල් ටෙන්ඩර්, වංචා වෙන්නේ නැහැ. රජයේ වගවීම තියෙනවා.
ඉතා හොඳ වැඩක් ලංසා මහතාණෙනි..