(නිමන්ති රණසිංහ)

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අධිකරණය හමුවේ පැය එකහමාරකට ආසන්න කාලයක් සිය රහස් ප්‍රකාශය ලබා දුන්නේ ය 

මෙම සැකකරු බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට පැමිණ බෝම්බය තබා පලාගිය පුද්ගලයා බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් අටදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.