Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 26 වන ඉරිදා
තරිඳු ජයවර්ධන
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්ව කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වීමට හෙට (12) දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
අවශ්‍ය නම් 113 දෙනකුට අධික මන්ත්‍රීවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවිය හැකි බව මන්ත්‍රීවරයා කීවේය.
අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ අරලිගයහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
‘‘අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. පසුගිය 14 වැනි දා සහ 16 වැනි දා විශ්වාසභංගය සාර්ථකව ස්ථිර වුණා. ඒ බව අපි ජනාධිපතිට දැනුම් දුන්නා. කතානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරන්න ස්ථාවර නියෝග 76.1 අනුව විධායකයට හෝ අධිකරණයට බෑ. ඒ ගැන සලකාබැලීමක් කරනවා නම් පාර්ලිමේන්තුවේදීම මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගත යුතුයි. නමුත් එසේ කරන්න ඔවුන්ට මන්ත්‍රීවරුන් නෑ. අපි මේ බව ජනාධිපතිට දැනුම් දුන්නා.
එතනදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා යෝජනාවක් කළා හැකි නම් අපිට 113 දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන්න කියලා. අපි කිව්වා හෙට උදේ 10 වෙද්දි මන්ත්‍රීවරුන් 113කට වැඩි ප්‍රමාණයක් සමග දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්න අපි ලෑස්තියි කියලා. නමුත් ජනාධිපතිවරයා ඊට ඔළුව වැනුවේ නෑ. අපි ලෑස්තියි උදේම ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න. ජනාධිපතිවරයාගෙන් ඊට අවස්ථාවක් ලැබෙයි කියා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. විධායකයට බෑ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට ඇඟිලි ගහන්න. ‘‘ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීවේය.
indra Sunday, 18 November 2018 05:12 PM
මොන ප්‍රකාශ දුන්නත් මහජන ප්‍රසාදය ඔබලාට නෑ, අපි ඔබලාව පත් කලේ රට විකිණීමට නොවේ දැන් ඔබලාව ගෙදර යවන්නෙත් අපි, එකතු කර ගත් පක්ෂ ටිකට මොන පොරොන්දු දීලද මේ ගාන හොයා ගත්තේ ,? ඡන්ද දායකයා වෙනදට වඩා දැන් දැනුවත්, පව් නොදී ගෙදර නවතින්න.
Reply : 97 207
මයිත්රිපාල Sunday, 18 November 2018 05:58 PM
.." හෙට එන්න එපා. මට වැඩ ගොඩක් තියෙනවා. මේ වැඩ ටික අවසන්වුණාම ලබන අවුරුද්දේ විතර දවසක් වෙන්කරගෙන එන්න කට්ටිය පිටින්ම...."
Reply : 1 8
රවින් Sunday, 18 November 2018 11:10 PM
122 ක් අත්සන් සහිතව යැවුවා යැයි කියන ව්ශ්වාසභංගයට ඇයි මේ දිවුරුම් පෙත්සම් 113? යවන්න 122 කම. අත්සන් කලානම් අත්සන් කලබවට දිවුරුම් පෙත්සමක් දෙන්න බැරි කමක් නැහැ. දිවුරුම් පෙත්සමටත් ලංසු තියයිද ?
Reply : 1 145
Chanak Los Angeles Monday, 19 November 2018 12:09 AM
අජිත් පෙරේරා ගරු මැති තුමනි ජනපති රට අක්‍රීය කරන ස්වභාවය පෙනෙන නිසා ආණ්ඩුක්‍රම විවස්ථාවේ ඇති පරිදි කතානායකට ජනපති කමත් දැරීමට අයිතිය ඉල්ලා අධිකරණ තීන්දුව ලබා ගන්න කටයුතු කරන්න.
Reply : 311 149
Bamunuarachchi Monday, 19 November 2018 01:24 AM
දිව්රුම් ප්‍රකාශ දාහක් ගෙනාවත් වැඩක් නැහැ යමු මහජන ඡන්දෙකට. එජාපෙට හා රනිලට තිබෙන මගේ විරුද්දත්වය පෙන්වන්න අවස්තාවක් ඕනේ. මේ අවුරුදු 4 ටම රට කාබාසිනියා කළා හැරෙන්නට රටට කල සංවර්දනයක් නැත. ඔබලා පඩිවැඩි කර ගතා පාර්ලිමේන්තුවේ වාඩිවෙනවාට මාසෙකට ලක්ෂයක් ගන්නවා. ඉතින් අපි පතන දේවල් මෙතන ලීවාට පලවෙන්නේ නැත.
Reply : 322 533
ranil Monday, 19 November 2018 07:01 AM
පිනක් දහමක් කරගෙන පරලොව යන්න මහත්තයො හිතේ තරහ මරහ තියා ගන්නෙ නැතුව. අවුරුදු 70ක් ඔබලා මේ රටට කෙලවීමට ඉඩ දී ඈත.
Reply : 1 3
Bamunuarachchi Monday, 19 November 2018 10:48 AM
කොයිකාලේද ඉපදුනේ? අපේ පින් නිසයි මෙරට තාම සිංහලයෝ අතේ තිබෙන්නේ ඔහෙලගෙ පිනට වැඩ සිද්දවෙන්න ගිහිල්ලා 2005 අනූනවයෙන් රට බේරුනා මතකද? ඒ අපේ පිනට මිස ඊයේ පෙරේදා අහම්බෙන් ඉපදුන ඔබලාගේ පිනට නොවෙයි. අවරුදු 70 කලින් මෙරට කොරන්න පටන් ගත්තේ දැන් ඉන්න එජාප නායකයාගේ මාමල මහප්පල එකයි මෙරටට උන හේනේ.
1 32
ranil Monday, 19 November 2018 11:53 AM
පින හින්ද්ද වන්දනාවේ යන්නේ? ඇයි අන්කල් මේ? යන්නකෝ පව් නොදී... ඔයාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක් වගේ.. මොකෝ...? තරුණ කාලේ අලියගෙන් නාම යෝජනා දුන්නේ නැද්ද? මේ රට අයිති හැමෝටම කියලා හිතන්න බැරිනම් මුහුදට පනින්න අන්කල්...
Reply : 0 0
Bamunuarachchi Monday, 19 November 2018 01:26 PM
ඉස්‌සෙල්ලා පුරුදුවෙන්න පොයින්ට් එකට කතා කරන්න. අදාළ විෂයට තර්ක කරන්න. කියන දේවල් වලින් බංකොලොත් බව පෙනෙනවා.
0 0
Sanka Monday, 19 November 2018 02:11 AM
ජනාදිපති තුමා පෙර කියූ කතා සහ අද කියන කතා 100% වෙනස්, නමුත් ඔබතුමාලගේ වෑයම අත්හරින්න එපා. කවද හරි සත්‍ය ජයගන්නවා. ලෝ දහම ඒකයි. අනික නිතිය ඉදිරියේ සත්‍ය එලිවෙයි.
Reply : 97 454
Sampath Monday, 19 November 2018 08:34 AM
බෙදුම්වාදී ටී.එන්.ඒ. එකට ආසන 16යි.. ඔවුන්ට උතුර, නැගෙනහිර වෙනම පාලනයක් දෙනකම් රනිල් අගමැති කිරීමට හෝ මහින්ද අගමැති කිරීමට ඡන්දය නොදෙන බව පවසයි. මුස්ලිම් ආගම මුල්කරගත් පක්ෂ දෙකට ආසන 12යි. ඔවුන්ද අවස්ථාවාදී දේශපාලනයේ නිරතවන බව සුප්‍රකට කරුණකි. 2015 මැතිවරණය අවස්ථාවේදීද ඔවුන් නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් වෙන්කරදෙන ලෙස ඉල්ලා සිටියේය. කඳුකර දමිළ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් සිතන අවස්ථාවට ආසන 8යි. කතානායකගේ ආසනය හැරුණුවිට පාර්ලිමේන්තුවේ ඉතිරිව ඇත්තේ අාසන 188යි. අපි පක්ෂ තුනකට බෙදී බල අරගලයක යෙදී ඇත. ජනාධිපතිතුමා පුලුවන් නම් 113ක බහුතරයක් පෙන්වීමට රනිල්ට හා මහින්දට අභියෝගයක් දී ඇත. අප බෙදී ඇති නිසා අපට බහුතරය අහිමි වී ඇත. ජනාධිපතිතුමා අපට යමක් සිතන්නට අවස්ථාව ලබා දී ඇත. බෙදුම්වාදී හා ජාතිවාදී පක්ෂ ඉල්ලන දේ ලබාදී ඔවුන්ගේ මනදොල සිඳවා 113ක බහුතරය පෙන්වමුද? නැත්නම් එකට එක්වී ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනගමුද?
Reply : 0 542
jayantha Monday, 19 November 2018 10:32 AM
ඔබතුමා හරියටම හරි. දැන් ටිකෙන් ටික වැටහෙනවා. ජනාධිපතිතුමා රටේ ජනතාවට තෙරුම් ගන්වන්න යන දෙය... ඇත්තට එතුමාට අවශ්‍ය මේ පක්ෂ එකතු නොවුණොත් රටේ අනාගතය කොහෙටද යන්නේ කියල පෙන්වන්න. එ්කෙන් කව්ද ප්‍රයෝජන ගන්නේ කියලා පෙන්වන්න. ඒකයි එතුමා කියන්නේ 113 පෙන්වන්නම කියලා. එ්ක ඔය පක්ෂ දෙකෙන් එකකටවත් බැහැ. ඒ අපි බෙදිලා ඉන්න නිසා. ඇත්තටම එතුමා එක්සත් ජාතික පක්ෂය සමග පොදු පෙරමුණ එකතුකලෙත් එ්ක නිසාම බව දැන් වැටහෙනවා. රනිල් එක්ක සමගියෙන් වැඩ කරන්න බැරිවෙන කොට සජිත්ට, කරුට වගේ අයටත් කතාකරලා තියනවා අගමැතිකම අරගෙන සමගියෙන් වැඩ කරන්න. එතුමා කතාකලේ බණ්ඩාරනායක, සේනානායක ප්‍රතිපත්ති ගැන.... දැන්වත් සජිත්, මහින්ද එකතු වී ප්‍රබල සන්ධාන ආණ්ඩුවක් සැදුවොත් ජාතියක් වශයෙන් අපි ජයග්‍රහණය කරනවා සිකුරුයි. එහෙම වුනොත් බෙදුම්වාදීන්ට, ජාති වාදීන්ට මේ රටේ ඉඩක් නැතිවෙනවා.
Reply : 0 2