IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන්

(මනෝප‍්‍රිය ගුණසේකර)

නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වශයෙන් කුලියාපිටිය මූලික රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී.

කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස නඩු පවරන ලදී.

2016 ජුනි මස පළමුවැනිදාත් අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලයේ කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ‘සත්සුව රසායනාගාර’යට ලබාදීම සඳහා එම රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි මහතාගෙන් මාස්පතා රුපියල් 25,000 බැගින් අල්ලස් ඉල්ලා නිරෝෂන් නිකුලස් නමැත්තා මඟින් ඉන් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගත් බවට විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.

විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි නඩුවේදී නඩු භාන්ඩ හා ලේඛන 28ක් ඉදිරිපත් කරන බවද පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳහා කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ වෛද්‍යවරුන් ඇතුළු සාක්කිකරුවන් 25 දෙනෙකු කැඳවීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

මෙම ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ශෂි මහෙන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහතවරුන් කටයුතු කරයි.

 

 



අදහස් (1)

දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන්

sirimal Thursday, 28 March 2019 02:01 PM

දැන් අර ඡන්දෙදි පොරොන්දු වුන මහා පරිමානයේ වංචා දුෂණ කරපු කට්ටියට දඬුවම් දීලා ඉවරද? දාපු නඩු දෙක තුනත් කල් යනවා හැරෙන්න ඒ කාලයේ වේදිකා ගානේ කියා කියා ගිය එක්කෙනෙක්වත් හිරේ යනවා අපිනම් දැක්කේ නැහැ. අවුරුදු හතරක් පොල්ගාලා දැන් ඉතින් සේරම අමතක කරලා දාන්න වගෙයි යන්නේ. තව කී කාලයද ඉතුරු වෙලා තියෙන්නේ?

:       0       207

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site