IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙවට වෙරළ වීඩියෝ කළ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

(ජේ.කේ.එල්.චාමින්ද)

ඩ්‍රෝන කැමරාවක් මගින්  දෙවට වෙරළ තීරය විඩියෝ කරමින් සිටි රුසියානු ජාතිකයකු අද (9) අත්අඩංගුවට ගත්බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙකී රුසියානු ජාතිකයා 32 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු ඩ්‍රෝනා කැමරාවකින් දෙවට වෙරළ තීරයේ  විඩියෝ ගත කරමින්  සිටින  බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙකී රුසියානු ජාතිකයා අප්‍රේල් 28 වැනිදා මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

ඔහු මෙම මස 11 වැනි දා මෙරටින් පිටත්ව  යාමට නියමිතව ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මොහු  එරට  ටෙලිකොමියුනිකේෂන් ආයතනයක සේවය කරන්නෙකි. මොහු  විඩියෝ දර්ශන ලබාගෙන  ප්‍රචාරක කටයුතු සඳහා ඒවා යොදා ගන්නා බව පොලිසිය පවසයි.

  (ඡායාරූප - රවී ලියනගේ)



අදහස් (11)

දෙවට වෙරළ වීඩියෝ කළ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

Indhika Thursday, 09 May 2019 11:30 AM

ඉක්මනට කියන්න ISIS එකට දෙන්න වීඩියෝ කලේ කියල. 11 වෙනිදා ට යන්න ඇප ගන්න පුලුවන්.

:       0       78

siri Thursday, 09 May 2019 11:32 AM

මේ නිකම් වීඩියෝ යුටියුබ් එකට දාන අය වෙන්ට ඇති. සංචාරකයින්ට වැඩිය හිරිහැර කරොත් ඒ අයගේ පැමිණීම තවත් අඩු වෙන්ට පුළුවන්.

:       0       309

Sameera Thursday, 09 May 2019 12:46 PM

පොලිසිය තාක්ෂණය ගැන දන්නෙ නැහැ. මේවා ලෝකයා හිනස්සන වැඩ. වෙන රටවල් වල ඕවා සෙල්ලම් බඩු. මේ විදේශිකයා මේවා රූපගත කරලා ලංකාවට උදව්වක් විදියට සංචාරකයො ගෙන්නගන්න ප්‍රසිද්ධ කරන්න හදලා තියෙන්නෙ මට පේන විදියට. මේ අය මේතරම් අවදානමක් තියෙද්දි ලංකාවෙ සංචාරයේ යෙදෙන්නෙත් අපේ රටට උදව්වක් විදියට

:       0       656

Nuwan Thursday, 09 May 2019 02:11 PM

පොලිසියේ මෝඩ වැඩ නිසා එන සංචාරකයෙක්වත් ආයෙ එන්නෙ නෑ..

:       0       268

suranga perera Thursday, 09 May 2019 02:18 PM

කරුණාකර විදේශිකයන්ට වීසා ලබාගැනීමේදී සහ ගුවන්තොටුපොලේදීම අපේ රටේ නව නීති ගැන දැනුවත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. එය මොවුන්ට කරන විශාල හිරිහැරයකි.. ඩ්‍රෝන කැමරා භාවිතය ඔවුන්ගේ සංචාරයේ ප්‍රධාන අංගයක්..නැතිනම් ඉතිරි වෙලා ඉන්න විදේශිකයන්වත් යවන වැඩක් වෙන්නේ.

:       0       0

samantha Thursday, 09 May 2019 04:38 PM

එන සුද්දෝ ටිකත් කොහොම හරි නැති කරන්න.

:       0       126

Kap Thursday, 09 May 2019 06:25 PM

ත්‍රස්තවාදියයි සංචාරකයයි හදුන ගන්න බැරි පොලිසියට මෙතෙක් කල් මේ බෝම්බකාරයො අල්ල ගන්න බැරිවීම අරුමයක් නෙමේ

:       0       214

hasantha Thursday, 09 May 2019 07:54 PM

යුටියුබස්ලා මේ රටේ සංචාරක ව්‍යාපාරය නංවන්න සංචාරක දෙපාර්තුමේන්තුවට වඩා සේවයක් කරනවා. මොව්න් මේ අත්දැකීම වීඩියෝවක් විදියට දැම්මොත් ආය රුසියානු සංචාරකයෝ එන්නෙත් නැතිවෙයි.

:       0       208

San80 Friday, 10 May 2019 03:51 AM

ඩ්‍රෝන තහනම් නම් ඒ බව ගුවන්තොටුපලේ පැහැදිලිව සදහන් කල යුතුයි..... සියලු විදේශිකයන්ට පැහැදිලිව පෙනෙන්න. නැත්නම් රටේ වාතාවරණය අනුව තහනම් දේවල් අඩංගු පොඩි පත්‍රිකාවක් රටට අතුල්වෙනකොටම දියයුතුයි. අපි සැරෙන් සැරේ දාන නීති ඒ මිනිස්සු දන්නේ නෑනේ.

:       0       105

Gamage Friday, 10 May 2019 03:57 AM

පොලීසිය මේ දවස්වල රාජකාරිය කරනවා.... ඒත් මේ වගේ දේවල් කරලා සවුත්තු වෙන්න එපා... ද්‍රෝණ යානා යවන්න එපා කියලා සුද්දෝ දැනුවත් කරන්න.... මේ එන සුද්දොත් නැති කන්න එපා....

:       0       37

ajith Friday, 10 May 2019 06:12 AM

දැන් තමයි නියම ත්‍රස්තවාදියා හොයාගෙන තියෙන්නේ. දැන් කලින් අල්ලපු අහිංසකයෝ ටික නිදහස් කලානම් හරි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site