IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දිල්රුක්‍ෂි වෙනුවට සොලිසිටර් ජනරාල්වරයෙක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ කළ වැඩ ආවරණය කිරීම සඳහ ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අද (23) ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව ඒ මහත්මියගේ වැඩ ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම කර ඇතැයි වාර්තා වේ.

වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව පවත්වන විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කළැයි පැවසු නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය වික‍්‍රමසිංහ මහත්මිය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නිලධාරියකු යොදවා අදාළ විනය පරීක්‍ෂණය සිදුකරන ලෙසද රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කොට ඇත.

රෝගී තත්වයක් හේතුවෙන් මේ වන විට සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුරදී ඔහු සමඟ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කළ දුරකතන සංවාදයක් ඇතුලත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීය.

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන එම වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය සත්‍ය එකක්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු යැයිද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම විනය පරීක්‍ෂණය සිදුකරන නිලධාරියා කවුද? මෙම විනය පරීක්‍ෂණය සිදුකරන තුරු දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ යුතුද? ඇය අනිවාර්ය නිවාඩු ගැන්විය යුතුද? ආදී කරුණු පිළිබඳ තීරණය කිරීම රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත පැවරෙන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

 

 

 

 



අදහස් (6)

දිල්රුක්‍ෂි වෙනුවට සොලිසිටර් ජනරාල්වරයෙක්

Mahee Monday, 23 September 2019 02:57 PM

ගෝඨා නඩුවෙන් නිදහස් වුණා. ගෝඨාට සහය දෙන වචන මෙයාගෙන් කියවුණා. මොනවද මේ ඉඟි? යථා කාලයේදී, "මාස්ටර් සර්, අනේ සර්, කරුණාවෙන් සලකන්න"

:       0       0

සේන Monday, 23 September 2019 03:02 PM

යකඩ මල්ලටත් ගුල්ලන් ගසා ඇත...

:       0       0

kolam boss Monday, 23 September 2019 05:57 PM

එතුමිය දන්නවා 2019 නොවැම්බර් 16 වෙනිදායින් පස්සේ එතුමියට මොකුත්ම කරන්න බැහැ කියලා. දැන් එයා හදන්නේ නොවැම්බර් 16 ට කලින් රටින් පනින්න. එයා දැනගන්න ඕන චෝදනා 7000 ක් විතර ඉදිරිපත් කරපු චුදිතයෙක් එක්ක දුරකථනයකින් ආදර බස් පැවසීම නොකළ යුතුයි කියල.

:       0       0

ලුම්බිණි Tuesday, 24 September 2019 12:12 AM

සියලුම දේවල් සැලසුම් කරපු විදියටම සිදු වෙමින් යනවා.

:       0       0

කරුණාවතී Tuesday, 24 September 2019 12:23 AM

හැබැයි ඒ වෙනුවට අර මන්නාරම් පළාතත් එක්ක සම්බන්ධකමක් තියෙන අයනම් පත්කරන්න එපා.

:       0       0

janaka Tuesday, 24 September 2019 04:02 AM

මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම මදිද? සොයාබලා දඬුවම් පැමිණවිය යුත්තේ ඇයට බලපෑම් කල දේශපාලකයන්ටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 147 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 350 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 867 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 131 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 185 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 167 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 32 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site