


(අජිත්ලාල් ශාන්තඋදය)
විශාල ප‍්‍රමාණයෙන් යුතු, දුර්ලභ, ඇට්ලස් මෝත් නම් වර්ගයේ සලබයෙකු රත්නපුර, බටුගෙදර සිය නිවසේ දොරෙහි වසා සිටියදී හමු වූ බව පරිසරවේදියෙකු වන අසිත ඉන්දික වීරවර්ධන මහතා අද(24) පැවසීය.
මෙම සලබයා ලංකාවේ වාසය කරන නමුත් සබරගමුවේ දි නිරීක්‍ෂණය වූ මුල් අවස්ථාව මෙය බවද, වියළි නිවර්තන වනාන්තර වාසය භූමිය කරගත් මෙම සලබයින් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිටින බවද ඒ මහතා කීය.
අසිත ඉන්දික මහතාගේ නිවසේ සිටි සලබයා දිගින් සෙන්ටි මීටර් 22කි. තටුවල උස සෙන්ටිමීටර් 10කි. සලබ දේහය සෙන්ටි මීටර් 1.5කි. ඒ මහතාගේ නිවස ආසන්නයේ අංගම්මන රජයේ රක්‍ෂිතය පිහිටා ඇති බැවින් එහි සිට පියාඹා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි.
මෙම සලබයා දැක බලාගැනීමට රත්නපුර අතිරේක සහ සහකාර දිසාපතිවරුද, රත්නපුර ප‍්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, පරිසරවේදීහු, සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
මේ සම්බන්‍ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටඑ දැනුම්දී ඇති අතර, එම සලබයා අංගම්මන රක්‍ෂිතයට මුදාහැරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරම් දුර්ලභ නොවන සලබයෙක්... ඒ මහතා සබරගමුවේදී දැකපු පළමු වතාව වුණත් වෙනත් අයට සබරගමුවේදී මීට කලින් මේ වර්ගය දකින්න ලැබිලා තියෙනවා. මගේත් ගම රත්නපුර. ඒ කියන්නේ සබරගමුවේ... මේ සලබයා කීපවරක් අපේ ගෙදරදී සහ වෙනත් තැන්වල දැකලා තියෙනවා. කොටින්ම ස්වභාවික පරිසරයේදී ආපදාවට ලක් වෙලා හිටපු මේ වර්ගයේ දලඹුවෙක් බෝතලයක ඇති කරලා සුහුඹුල් සලබයා පසුව පරිසරයට මුදා හැරලත් තියෙනවා මම... මේ ටික කිව්වේ වැරදි තොරතුරු නිසා කියවන අය නොමග යන්න පුළුවන් නිසායි...
මේ සමනලයට සිරිකොත දොරේ එල්ලෙන්න තිබුනේ... එ්කේ ඇතුලේ විවිධාකාර සමනල්ලු ඉන්නවා..
කොහොමත් මේ කාලේ සමනල්ලු එනවා ගෙවල් වලට... ඡන්දෙ ළඟයිනේ...
මෙවැනිම හැඩය සහ ප්‍රමාණය සමාන සලබයකු මීට මාස 02කට පමණ ඉහතදී පල්ලේබැද්ද ප්‍රදේශයේදී ද දක්නට ලබුණා. මෙම සතුන් තරමක් දුර්ලභ නමුත් ඉතා දුර්ලභ නොවන බව පැහැදිලියි.
සමනල්ලු ගැන වැඩිපුර විස්තර අවශ්‍ය අය වෙතොත් ගරු ජනාධිපතිතුමාගෙන් හෝ පොහොට්ටුවෙන් අසා දැනගන්න.
මේ කාලේ සාමාන්‍යයෙන් වෙන්නේ, ඡන්දෙ ළඟ හින්දා, රත්නපුරේ ඉන්න අමුතු සත්තු රට වටේ යන එකයි...
ඇටිලස් සලබයා සබරගමුවේ දුලබ නැහැ. 90 ගණන්වලත් දැක තිබෙනවා ඇහැළියගොඩ ප්‍රදේශයේ. මීට සතියකට පෙර බිත්තර දමනවාත් දුටුවා.
හෝමාගම, යකහලුව ප්‍රදේශයේ තිබෙන අපේ නිවස පිහිටි වත්තට, මෙවැනිම සලබයකු පැමිණියා. කුරුල්ලන් විසින් දිවා කාලයේදි, සලබයාව ගොදුරු කර ගැනිමට කොටමින් සිටි අවස්ථාවේදී අප විසින් සලබයා බේරා ගෙන රාත්‍රී කාලයේදී මුදා හැරියා.... 2025.01.03