IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දැරියක ගැබිනියක කළ තිදරු පියෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)
 
දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක, ගැබිනියක බවට පත්කළ තිදරු පියෙකු අද (18) අලුයම අත්අඩංගුවට ගත්බව  පිටිගල පොලිසිය  පවසයි.
 
වසරකට පමණ ඉහතදී මෙම තිදරු පියා දැරියව වරින් වර අපයෝජනය කර ඇති බැව් පොලිසිය පවසයි. දැරිය අපයෝජනය වනවිට ඇගේ වයස අවුරුදු 15 මාස හයක් බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
 
සැකකරු 40 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළගම ඥාතිවරයෙකු බව පොලිසිය පවසයි. 
 
මෙකි දැරියට ඇති වූ අසනීප තත්ත්වයටකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයකු වෙත ගිය විට කළ පරීක්ෂණයකදී  ඇය පස්මස්  ගැබිනියක බව හෙළි වී ඇත.
 
මේ සම්බන්ධව දැරියගේ මව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකාර තිදරු පියා අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (6)

දැරියක ගැබිනියක කළ තිදරු පියෙක් අත්අඩංගුවට

rizwan Sunday, 18 August 2019 06:03 AM

නම් ගම් සහිතව ප්‍රකාශ කරන්න ...

:       1       32

Uditha - London Sunday, 18 August 2019 06:29 AM

මොකක්ද දාන කමෙන්ට් එක කියල හිතනවා මම...?

:       0       12

Indu Arachchige Sunday, 18 August 2019 07:13 AM

ඔහුගේ දරුවන් ගැන සොයාබලන්න අවශ්‍ය කටයුතු කරන්න. දැනටමත් ඒ දරුවනුත් විනාශ කරලා ඇති ...

:       0       0

චන්දන Sunday, 18 August 2019 08:37 AM

ඔහුට දඬුවම් ලැබෙයි හිර ගෙදර දි. දෙමව්පියෝ දරුවෝ ගැන හොයා බලන්න ඕන මීට වඩා ...

:       0       11

Sarasi Sunday, 18 August 2019 10:20 AM

අද කාලයේ නෑයෝ කියන්නේ වේයෝ බව සිතා ඉතා ප්‍රවේශයෙන් ආශ්‍රය කළයුතු සත්ව කොට්ඨාෂයකි. ඥාති ළමා අපචාර ගැන ආරංචි වුනේ නැති නම් , දරුවන් නැති මාමාගේ දේපල වලට හෝ කසාද නොබැඳපු ලොකු අම්මාගේ රත්තරන් බඩු ටිකට හරි වග කියා ඇති බව අහන්න ලැබෙන රටක් මේක.

:       0       2

sharm warn Monday, 19 August 2019 03:49 AM

මේ මිනිසාට කවර දඩුවමක් ලැබේ ද කියා ඔබ සිතනවාද ? ඔහු අපුරුවට අප පිට නිදහස් වී එනු ඇත . පසුව ඇතැම් විට දැරියගේ මව්පියන්ටත් තර්ජන කරනු ඇත . ලෝක ලැජ්ජාව යයි සිතා දැරියගේ මව්පියන් නඩුව හෙමින් සැරේ අහක දමනු ඇත . මන්ද උසාවියේදී විත්තියේ නීතිඥ තැන විසින් වාචිකව මේ දැරිය නැවත නැවතත් දුෂණය කරන බැවිනි . අපචාර නඩු වලදී උසාවියේ තත්වය මෙය වන අතර දැරිය වෙත පවුලෙන් හා සමාජයෙන් එල්ල වන කතා මීටත් අන්ත වෙයි . එවිට දැරිය අපචාරයට ලක් වන්නේ "අප " අතින් ය .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site