(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගානගරය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සාකච්ඡාවක නිරතව සිටි තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු අලුත්ගම පොලිසිය අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සමඟ අත් පත්‍රිකා හා මුද්‍රිත ටී ෂර්ට් කිහිපයක් ද ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දර්ගානගරයේ පදිංචිකරුවන් බවත් මෙම පිරිසගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්න තිබුණේ බොහෝ කාලෙකට ඉස්සර, නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන් කපන්න වෙනකම් බලන් හිටියේ මේ රටේ ඉන්න අවස්ථාවාදී දේශපාලකයින්... දැන්වත් තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිතා කරන්න.. අන්තිමට මැරෙන්නේ සාමාන්‍ය ජනතාවයි. ඔක්කොම දේශපාලකයන් බේරෙනවා..
ඔය මතවාද පතුරන අන්තවාදී පිළිල සියල්ල විනාශ කළ යුතුයි..
කාත්තන්කුඩි, විල්පත්තු, මූතුර් සහ අනිකුත් මුස්ලිම් ප්‍රදේශවල වෙන දේවල් හොයලා බලන්නේ කවද්ද?
දැන් රාජිත මොහොමඩ් පොලිසියට බල කරාවි
වැරදි කරුවන් නම් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුමයි. මින් ඉදිරියටවත් කිසිදු වැරදි කරුවකුට සමාවක් නොදිය යුතුමයි. බෞද්ධ රටක් උවත් මරණ දඩුව වෙසක් පෝයට පෙර ක්‍රියාත්මක කළ යුතුයි. රටේ නීතිය දැඩි වෙනතරමට රටේත් අපේත් සුරක්ෂිතතාවය පවතිනු ඇත.
මා ධර්ගා නගරය ගැන හොඳින් දන්නා කෙනෙක්. මෙහි සිටින සමහර අය අයිඑස්ලා සමග සම්බන්ධ බව වැසියන් දැන සිටියද, ඔවුන් ගැන පෙන්වාදීමෙන් වැඩක් වූයේ නැත. මෙම ප්‍රහාර සිදුනොවන්නට ත්‍රස්තයන් තවමත් නිදල්ලේය.ඒවාට හේතු බොහෝය.දැන් හෝ සියලු සැකකටයුතු ස්ථාන පරීක්ෂා කොට අපරාධකරුවන් අල්ලා ගත යුතුය. සිදුවිය යුත්තේ එයයි. වැටලීම් හා සම්බන්ධ සියලු ආරක්ෂක අංශ වල අයද, ලතීෆ් මහතාද දැඩි ආරක්ෂාකාරී පියවරක් තමන් වෙත තබා ගත යුතුය.