IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නවතයි


 
(කාංචන කුමාර ආරියදාස)
 
කන්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද(12) සම්පුර්ණයෙන් නවතා දමා ඇතිබව දඹුල්ල පොලිසිය කියයි.
 
ඉහළ  ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ විශාල වශයෙන් ජලය අඩු වී තිබුණු කන්ඩලම ජලාශය පිරී මේ වන විට වාන් දැමීම සිදුවන අතර එහි අඩි දෙකකට ආසන්න ජල ප්‍රමාණයක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගොනියා ඔයට මුදා හැරෙන බව මහවැලි නිලධාරීහු පවසති. 
 
කණ්ඩලම වැව වාන් දැමීමත් සමඟ විවිධ ප්‍රදේශවලින් පැමිණි බාල මහලු වැඩිහිටි බොහෝ දෙනෙකු වාන්  ජලයෙන් නෑම දිය කෙළියේ යෙදීම මෙන්ම වාන්  ජලය මතින් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ  ගමන් කිරීම  සම්පුර්ණයෙන් නවතා දැමීමට කටයුතු යොදා ඇතිබව මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධානි උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා පැවසීය.
 
මෙම ස්ථානයේ දිය නෑම සහ දියට බැසීම අනතුරුදායක ලෙස දැක්වෙන රතු පැහැති කොඩියක් ද පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සවි කර තිබේ.
 
එමෙන්ම මාතලේ  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු කිහිපදෙනෙකුම කණ්ඩලම වැවේ ස්ථාන කීපයක ජීවිත බේරා ගැනීමේ සේවයේ යොදවා ඇතිබව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස් .පි .එදිරිසිංහ මහතා පැවසීය.



අදහස් (0)

දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site