IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙමළ සන්ධානයට සෙසු පක්‍ෂවල අප්‍රසාදය

(එෆ්.අස්ලම්)

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ  යෝජනා පමණක් සැලකිල්ලට ගැනීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයට සෙසු පක්ෂවලින් දැඩි අප්‍රසාදයක් පළවී තිබේ.

සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කර ඇතත්, ප්ලොට් සහ ටෙලෝ පක්ෂවල කිසිදු මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් කෙරෙහි සැලකිල්ලක් දක්වා නැතැයි එම සන්ධානයේ ආරංචිමාර්ග පවසයි.

උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචිකිරීම්, පුනරුත්තාපන විෂයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවතීමත් උතුරු සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන්කිරීමේදී  ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකගේ යෝජනා පමණක් පිළිගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට සඳහන් කළේය.

සංවර්ධන කටයුතු හඳුනාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අමාත්‍යංශය වෙත යොමුකරන යෝජනා මෙලෙස නොසලකා හැරීම පිළිබඳ විෂය බාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා සොයා බැලිය යුතුව ඇති බවද එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

පෞද්ගලික භාවයකින් සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම කිසිසේත් පිළිගත නොහැකි බවත් දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සංවර්ධන ව්‍යාපෘති රාශියක් මේ වනවිටත් සිදුනොවී ඇති බවත් තවදුරටත් මේ ආකාරයෙන්ම කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට කිසිදු සහායක් නොදැක්වීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 



අදහස් (1)

දෙමළ සන්ධානයට සෙසු පක්‍ෂවල අප්‍රසාදය

Bandara Sunday, 29 September 2019 07:51 PM

සෙසු පක්ෂ වලට එජාපයට අයිති නැහැ.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site