(මහින්ද නිශ්ශංක)
දුම්රිය සේවකයෝ පිරිසක් අද (10) උදෑසන මරදාන දුම්රිය මුලස්ථානයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේ වහලය මත හා රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ වහලය මතට නැග විරෝධතාවයක් ආරම්භ කළහ.
දුම්රිය අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනමේ සේවකයන් වහා ස්ථිර නොකිරීමට විරෝධය දක්වා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
1500 ක් පමණ වන අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරිමට පියවර ගන්නා තුරු වහලය මතින් ඉවත් නොවන බවද එම සේවකයෝ පවසති.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සේවකයන්... දුම්රියක් වෙලාවට යවාගන්න බෑ. එ්ත් ඉල්ලීම් තියනවා ගමකට... තවත් ලංකාවේ අකාර්යක්ෂම ආයතනයක්... ඉන්න බැරි නම් යන්න කියන්න. වැඩක් කරලා ඉල්ලීම් ඉල්ලනවා නම් කමක් නැහැ තව...
කරුමෙක මහත, මේ වගේ වර්ජන කරන අය, පාඩුපිට පාඩු ලබන ආයතනයක් ලෝකෙම නැතුව ඇති...
මම 1966 ඉඳල දුම්රියේ යන කෙනෙක්. ඉස්සර දුම්රිය මාර්ගය හෙළි පෙහෙළි කර පිරිසිදුව තිබුනා. මැදිරි කියන්න බැරි තරම් ලස්සනයි. අද දුම්රිය මාර්ගය කැලෙන් වැහිලා. මැදිරි ජරාවාස වෙලා. හැමතැනම කුණු. ක්‍රියා නොකරන විදුලි පංකා. අපිරිසිදු වැසිකිලි. මේ මොනවා වුනත් සේවක අවශ්‍යතා වැඩිවෙලා. නිකම් ඉන්න ගණනත් වැඩිවෙලා. බීමත් සේවකයින් හැමතැනම. නිකම් පඩි ගන්න අයවලුන් සොයා තරාතිරම නොබලා පන්නලා දැමුවා නම් අපිට රටවල් ගානේ හිඟා කන්න ඕනේ නැහැ.
ඉතින් වහලේ උඩ ඉන්න කියන්න. බලාගෙන ඇති මේ පුතාලව ඝෝඨාභය මහතා වඩාගෙන බිමට බස්සනකන්... ඔය ජෙප්පන්ගේ වැඩ. දැන් අපිට තේරෙනවා මිලිටරි පාලනයක වටිනාකම...