(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම සේවාවලින් ඉවත්වී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත කල්දැමූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරිය සමඟ හෙට (27) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය මත අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවාද අත්හැර දමනවාද යන තීරණයට එළඹෙන බව කී ලේකම්වරයා දුම්රිය සාමානා්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඉල්ලීම් ඉටුකරන බවට යොමු කර තිබූ ලිපිය ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ, පාර්සල් බාරනොගැනීමේ සහ මාසික වාර්තා යොමු නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රිියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයාගේ ප්ලෑනට වැඩ කරන අන්ධභූත රැළක්...