(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වියයුතු ආරක්‍ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවත් මේ වසර තුළ එකම දුම්රිය රියදුරෙක්වත් ‘ඇස්’ පරීක්‍ෂාවට යොමු කර නොමැති බවත් දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙම වසරේ දුම්රිය රියදුරන් ඇස්වල පෙනීම පරීක්‍ෂා කිරීමට යොමු කර නොමැති බව කී ඉන්දික දොඩන්ගොඩ මහතා ඇතැම් විට දුම්රිය අනතුරකට හේතුව රියදුරුගේ ඇස් පෙනීමේ දුර්වලතාව විය හැකි බව ද සඳහන් කළේය.
අනතුරක් සිදුවූ විට රියදුරුගේ පෙනීම පරීක්‍ෂා නොකරන බවත් දෙපාර්තමේන්තුවේ වැඩි පිරිසක් එකතුව අනතුරුට වෙනත් හේතුවක් නිර්මාණය කරන බවත් දොඩන්ගොඩ මහතා කීය.
ආරක්‍ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකිරීම ඉතාමත් භායානක තත්වයක් බව කී දොඩන්ගොඩ මහතා දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් ඒ සඳහා කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
දුම්රිය ආරක්‍ෂක නීති යටතේ වෛද්‍ය පහසුකම් මෙන්ම විවේකාගාර පහසුකම් ඇතුළු පහසුකම් ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකරන බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd