IMG-LOGO

දිමුත්ට ලක්ෂ දෙකක ශරීර ඇප

(නිමන්ති රණසිංහ)

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියම කළේය.

දිමුත්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

ඉකුත් (30) වැනි දා රිය අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්නව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිණි.

 



අදහස් (9)

දිමුත්ට ලක්ෂ දෙකක ශරීර ඇප

Akila Monday, 01 April 2019 07:16 AM

ලාල් කාන්ත රිමාන්ඩ් වෙන්නයි, මූට ඇප හම්බවෙන්නයි දෙන්න කරලා තියන වැරදි වල වෙනස මොකක්ද ? දෙන්නම කලේ එකම වැරද්ද. නමුත් දඬුවම් 2කක්. මොකක්ද මේ නීතිය . එක එක්කෙනාට එක එක නීති. අවංකව මේක සල්ලි නැති මිනිස්සුන්ට ජීවත් වීමට සුදුසු රටක් නෙවේ.... විනාශකාරී නීතියක්, උසාවියක්, පොලීසියක් පවතින රටක්.

:       435       1123

කසුන් Monday, 01 April 2019 11:59 AM

ඇත්තම කියනවා නම් අද රටේ තත්වේ ඔබ හරියටම කියලා තියෙනවා. මම මේ කල්පනා කලේ මේකටත් ඩිස්ලයික් දාන්න හැත්තකුත් ඉන්නවනේ..!!

:       95       149

Uditha - London Monday, 01 April 2019 08:15 AM

හරි නම් ක්‍රිකට් බෝඩ් එකෙන් සෙල්ලන් කරන එකත් තහනම් කරන්න ඕන.. රටක් උනහම නීතිය හොදටම ක්‍රියාත්මක කරන්න ඕන මම නම් හිතන විදිහට රටේ ඉන්න ලොකු මිනිස්සුන්ට... ලංකාවේ බහුතරයක් වැරදි කරන්නේ පොඩි මිනිහ නෙමේ.. රටේ ඉන්න ඉහළ පෙලේ මිනිස්සු තරම් වැරදි කරන තරමක් කරන්නේ.. අද ඕක පොඩි මිනිහෙක් අතින් උන නම් කොහොමද තත්වේ? කතා කරලා වැඩක් නැහැ රට ගැන.. පුළු පුළුවන් මිනිස්සු ටික වෙන රටවල් වලට පදිංචියට යනවා.. අනේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ටික රටේ ඉන්නවා.. කෝ උන්ට හෙටක්....නිතිය සාධාරණ වෙන්න ඕන... ඒ නිතිය ජනධිපතිටත් එකයි... පහළ පන්තියේ මිනිහටත් එකම වෙන්න ඕන..නමුත් රටේ නොවෙන්නෙම ඒක..

:       229       587

SUMITH Monday, 01 April 2019 08:29 AM

අකිල එයා ජෙප්පෙක්නේ, මෙයා එහෙම නැහැනේ, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ලොකු කොලුවනේ.., එ්කනේ වෙනස පැටියෝ..

:       0       116

Jehaan Monday, 01 April 2019 09:50 AM

රටේ නීතිය හැමෝටම එක සමාන නැති බව මේ සිදුවීම් වලින් පෙනේ. ක්‍රිකට් කණ්ඩායමේ විනය වෙනමම මාතෘකාවකි. රටේ සිවිල් නීතියට ගරු නොකරන ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධියේ මඩ ගසා ගන්නා නෝනලා සමග අපේ ක්‍රිකට් කණ්ඩායම ඉදිරියටම යන බව පෙනේ.

:       106       152

චමින්දTuesday, 02 April 2019 01:00 AM

රංජන් ඇමතිවරයා කියපුදේ හරිද?

:       0       0

Kumar (Gulf) Monday, 01 April 2019 07:19 PM

ක්‍රිකට් බෝඩ් එකෙන් සෙල්ලන් කරන එකත් තහනම් කරන්න ඕන.

:       0       0

Jay Monday, 01 April 2019 08:50 PM

මේනන ජෙප්පනට මහගු අවතාවක්...

:       0       1

මම සපුමල් Monday, 01 April 2019 08:54 PM

හරි දැන් ඇප දුන්නා කියමුකෝ. ඇයි එතකොට උසාවියටවත් නොදා පොලිසියේ තියාගෙන හිටියේ ? ඇයි එතකොට ඔය වගේම බීලා හිටියා කියපු ලාල්කාන්ත ට ඇප නොදුන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site